දික්වැල්ල, කුසල්ට අමතරව ධනුෂ්කත් ආපසු කැඳවයි
2.30 PM ධනුෂ්ක ගුණතිලකත් ආපසු කැඳවයි
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකත් ආපසු ශ්රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ එංගලන්ත - ශ්රී ලංකා තරගාවලිය වෙනුවෙන් ක්රියාත්මක වූ ජෛව ආරක්ෂණ බුබළු කඩ කරමින් ඩර්හැම් වීථිවල සංචාරය කිරීම හේතුවෙනි.
10.57 AM දික්වැල්ල හා කුසල් ආපසු කැඳවයි
එංගලන්ත තරග සංචාරයට එක්ව සිටින ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස් හා කඩුලු රකින ක්රීඩක නිරෝෂන් දික්වැල්ල ආපසු ශ්රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබේ.
ඒ ඔවුන් දෙදෙනා ඊයේ (27දා) රාත්රියේ ඩර්හැම් මාර්ගයක රැඳී සිටීම හේතුවෙනි.
මීට අමතරව කණ්ඩායම් කළමණාකරුගෙන් වාර්තාවක් කැඳවීමටද ක්රිකට් ආතයන තීරණය කර තිබේ.
මෙම ක්රීඩකයන් විනය විරෝධීව හැසිරී ඇති බවට තහවුරුවුවහොත් ඔවුන්ට එරෙහිව උපරිම විනය ක්රියාමාර්ග ගැනීමට ක්රිකට් ආයතනය තීරණය කර තිබේ.
තරගාවලිය ජෛව බුබුලක් ලෙස ක්රියාත්මක වන අතර ඔවුන් මෙසේ හෝටලයේන පිටතට පැමිණීම එම ජෛව බුබුලට දැඩි බලපෑම් එල්ලකරනු ලබයි.
popular news
-
Lanka cricket gonnu Monday, 28 June 2021 11:50 AM
Okunwa ula thiyala maranna ona
Reply : 4 2
D.P.Liyanage Monday, 28 June 2021 04:15 PM
මේ නරපණුවන්ට දෙවියන්ගේ නැහැ නැහැ ඉහළ පුටුවල ඇත්තන්ගේ ආරක්ෂාව තිබෙනවා. ඉතින් ඕවා ගණන් ගන්න දෙයක් නැහැ. මීට කලිනුත් මෙවුන්ම විශමාචාර ක්රියාවන් කරල අසු වෙලා තියනවනේ. මොකද වුනේ?. හරියට ක්රිකට් බැරිවුනත් ඔය උසස් වීම් ලබලා තියන්නේ වැරදි ක්රියා වලට ඔලුව අතගාල සනසලා වගේ. මෙවරත් එසේම වේවි. ලංකාවේ ක්රිකට් නැත්තටම නැතිකරලා දැමුවා මේ හැත්ත.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

