තම ලෝක වාර්තාව අලුත් කරමින් සමිත පැරාලිම්පික් රිදී පදක්කම දිනයි
- 3 09 2024
- 07:45
- {{hitsCtrl.values.hits}} views
- ..
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා නියෝජනය කළ සමිත දුලාන් F 64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත්ව තිබේ.
සමිත දුලාන් එහිදී මීටර් 67.03ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම හිමිකර ගත් අතර එය F 44 කාණ්ඩයේ ඔහු විසින් තබා තිබූ ලෝක වාර්තාව යළි අලුත් කිරීමක් වේ.
සමිත දුලාන් මීට පෙර 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී එෆ් 44 කාණ්ඩයෙන් හෙල්ල විසි කිරීමේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් වුණි
2024 පැරාලිම්පික් තරගයේ දී ඉන්දියාව රන් පදක්කම හිමිකර ගත් අතර ඔස්ට්‍රේලියාව ලෝකඩ පදක්කම හිමිකරනු ලැබීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
