ඩුබායිහිදී රන් පදක්කම් දිනූ රන්සිළු එයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පැවති " විවෘත ක්ලැසික් ලීග් " ( Dubai Open Classic Leaque ) සවිඑසවීමේ ජාත්‍යාන්තර තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක රන්සිළු ජයතිලක , එහි "ප්‍රෝ " ( Pro ) අංශයෙන් තරග කරමින් "ඩෙඩ් ලිෆ්ට් " ( Ded Lift ) ක්‍රමයට කිලෝ ග්‍රෑම් 315 ක බර ඔසවමින් , වාර්තාවක් තබමින් ,එහි ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රන් පදක්කම රැගෙන 10/23 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියේය.
මෙම තරගාවලිය සදහා ලෝකයේ සවිඑසවීමේ ඉහළම දක්ෂතා වාර්තා කර ඇති රටවල් 10 ක ක්‍රීඩකයින් සදහා ආරාධනා ලැබී තිබූ අතර එය 10/18 සිට 10/19 දින දක්වා ඩුබායි නුවර දී පවත්වා තිබුණි .
රන්සිළු ජයතිලක නේපාලයේ පැවති ආසියානූ සවිඑසවීමේ තරගාවලියේ දී කිලෝ ග්‍රෑම් 310 ක බර ඔසවමින් ඔහු විසින් තබා තිබූ වාර්තාව අලුත් කිරීමට සමත් වී තිබුණි .
මෙම ජයග්‍රහණය රැගත් රන්සිළු ජයතිලක 10/23 දින අලුයම 12.15 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 232 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔහු පිළිගැනීමට ඔහුගේ බිරිඳ , දියණිය , දෙමාපියන් සහ ඔහුගේ සහෝදර ක්‍රීඩකයින් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

