කුසල් මෙන්ඩිස්ගෙන් සටන්කාමී ශතකයක්
නවසීලන්තයෙන් එල්ල වූ දුෂ්කර අභියෝගයට මේ දක්වා සාර්ථකව මුහුණ දෙමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවාරර 76කදී කඩුලු 3ට ලකුණු 212ක් රැස්කරගෙන සිටියි.
ලකුණු 13ට කඩුලු 3ක් ලෙස තිබූ ශ්රී ලංකා ඉනිම ඇන්ජලෝ මැතිව්ස් හා කුසල් මෙන්ඩිස් එක්ව ගොඩ නැංවූහ. ඔවුහු ලකුණු 199ක නොබිඳුණු සබඳතාවක් මේ දක්වා පවත්වමින් සිටිති.
සිය ටෙස්ට් පිටියේ 6 වැනි ශතකය වාර්තා කිරිමට සමත්වූ කුසල් මෙන්ඩිස් ලකුණු 106ක් රැස්කරගෙන සිටින අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 82ක් රැස්කරගෙන සිටියි. පිළිවෙළින් පන්දු 222ක් හා 207ක් ලෙස ඔවුන් මුහුණ දී තිබේ.
කෙසේ වෙතත් නවසීලන්ත පළමු ඉනිමට වඩා ශ්රී ලංක දෙවැනි ඉනිම තවත් ලකුණු 84ක් පසුපසින් සිටිය. ශ්රී ලංකාව පළමු ඉනිමට ලකුණු 282ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස නවසීලන්තය ලකුණු 578ක් රැස්කළේය.

popular news
-
Champa Tuesday, 18 December 2018 10:38 AM
මෙයා ගැනත් කියන තියෙනේ මැතිව්ස් ගැන කියපු ටිකමයි. කලින් එකට දෙකට දෙකට අවුට් වෙහ්ච්ච ක්රීඩකයෝ දැන් ශතක ගහන්නේ හර්කියුලිස් ටික දවසකට අගමැති වෙච්ච හින්ද වෙන්නැති නේද? මාර ශක්තියක්නේ ඇවිල්ල තියෙන්නේ. මෙච්චර කල් සල්ලි වලට ශ්රී ලංකා කණ්ඩායම උවමනාවෙන් පරද්දන විදිහට තමයි වැඩ කරලා තියෙන්නේ. ඒ බව දැන් පැහැදිලිවම පේනවා. දැන් කට්ටිය කැච් එහෙමත් අතාරින්න නැතුව ඇති නේද? ක්රිකට් ඉතිහාසයේ වැඩිපුරම කැච් අතෑරියේ පහුගිය කාලේ. ඒක ලෝක වාර්තාවක්.
Reply : 22 41
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

