කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවට
දකුණු අප්‍රිකාව ලකුණු 52 කින් පරාජය කර ඓතිහාසික පළමු කාන්තා ලෝක කුසලාන ජයග්‍රහණය කිර්මට ඉන්දියාව සමත්විය.
මුම්බායි DYපටිල් ක්‍රීඩාංගනයේ 45,000 ක ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ ඊයේ පැවැති තරගයේ ආරම්භය වර්ෂාව හේතුවෙන් පැය දෙකකට ප්‍රමාද වුවත් පන්දු ඕවර ප්‍රමාණයේ අඩුවක් නොවීය.
සත්කාරක ඉන්දියාව පළමුව පන්දුවට පහර දී 298-7 ක් ලෙස තරඟකාරී ලකුණු ප්‍රමාණයක් ලබා ගත් අතර ආරම්භක ක්‍රීඩිකා ෂෆාලි වර්මා පන්දු 78 කින් වේගවත් ලකුණු 87 ක් ලබා ගත්තාය.
පිළිතරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව වෙනුවෙන් නායිකා ලෝරා වොල්වාඩ් ඇගේ අඛණ්ඩ දෙවන ශතකය, පන්දු 98 කින් ලකුණු 101 ක් ලබා ගත් අතර එමඟින් දකුණු අප්‍රිකාව 211-6 ක් ලෙස තරඟයේ රැඳී සිටි අතර අවසන් ඕවර 10 න් 88 ක් අවශ්‍ය විය.
නමුත් 42 වන ඕවරයේ දීප්තිගේ පන්දුවකට ඩීප් මිඩ්-විකට් හි අමන්ජොත් කෞර්ගේ උඩ පන්දුවක් ලබාදීම හරහා දකුණු අප්‍රිකා නායකාවගේ ඉනිම අවසන් වූ අතර ඒ අනුව ඉන්දියාවේ ජයග්‍රහණය ස්ථිර විය.දකුණු අප්‍රිකාව සියල්ලන්ම දැවී ලකුණු 246ක් ලබා ගත්තේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                