ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකීද මූඩිද ඩොමින්ගෝද?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා දකුණු අප්‍රිකානු ජාතිකයින් දෙදෙනෙකු වන මිකී ආතර් සහ රසල් ඩොමින්ගෝට අමතරව ඕස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි සම්බන්ධයෙන්ද සළකා බැලීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පැවසීය.
එසේම මොවුන් අතරින් රසල් ඩොමින්ගෝ සහ ටොම් මූඩි කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇතැයිද වාර්තා වේ. රසල් ඩොමින්ගෝ මීට පෙර දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය මෙන්ම දකුණු අප්‍රිකානු 'ඒ' කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කර තිබෙන අතර, ටොම් මූඩි 2007 වසරේ පැවැති එක්දින ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරුවා ලෙස කටයුතු කර තිබේ.
මෙම පුද්ගලයින් අතරින් අඩුම අවධානයක් යොමුව ඇත්තේ වත්මනෙහි පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරු ලෙස කටයුතු කරන, මේ වන විට කොන්ත්‍රාත් කාලය නිමවීමට නියමිත මිකී ආතර් පිළිබඳවයි.
කෙසේ වෙතත් මිකී ආතර් පාකිස්තානු ක්‍රිකට් ආයතනයෙන් තම සේවා කාලය දීර්ඝ කරන ලෙස ලිඛිත ඉල්ලීමක් කර ඇති පසුබිමක ඔහුගේ සේවය ලබා ගැනීම සම්බන්ධයෙන් පවතිනුයේ අවම අවස්ථාවකි. පාකිස්තානු ක්‍රිකට් ආයතනය ආතර්ගේ සේවය තවදුරටත් දීර්ඝ නොකරන්නේ නම් ඔහු පිළිබඳවද සළකා බැලීමට නියමිත බව අනාවරණය වේ.
මේ අතර, පසුගියදා (02දා) ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මුණගැසුණු අවස්ථාවේදී මෙම නම් ත්‍රිත්වය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා සමගද සාකච්ඡා කර ඇතැයි අනාවරණය වේ.
මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා චන්දික හතුරුසිංහගේ සේවා කොන්ත්‍රාත්තුව යළි සැකසීමට උපදෙස් ලබාදී ඇති පසුබිමක සහ නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් තාවකාලික පුහුණුකරු ලෙස ජෙරම් ජයරත්න පත් කර ඇතැයි කියැවේ.

popular news
-
Dayan Wednesday, 07 August 2019 11:56 AM
ආවොත් එන කෙනාට දෙවියන්ගේම පිහිටය්. කොය් වෙලාවේ පයින් ගහල එලවෛද කියන්න බැහැ.
Reply : 0 0
Champa Wednesday, 07 August 2019 04:43 PM
විදෙශිකයෙක්ගේ කකුල් දෙක ළඟ වැටුනේ නැත්තම් අපේ එවුන්ට ක්‍රිකට් ගැහෙන්නෙත් නැහැ. අන්තිම වහල් කමක්. රටේ විදේශ විනිමය පිටට යවන්න පුදුම අමාරුවක් තියෙන්නේ. සිංහලයාගේ ගතිය තමයි කවදාවත් තමන්ගේ ජාතියේ මිනිහෙක්ගේ අගය නොදැනීම. අනිත් හැම ජාතියක්ම පළමු තැන දෙන්නේ තමන්ගේ ජාතියට. අපේ රටේ තාම පළමු තැන විදේශිකයන්ට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

