ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට 7 හැවැරිදි නායකයෙක්
ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මෙල්බර්න් පිටියේ පැවැත්වීමට නියමිත බොක්සිං දින (දෙසැම්බර් 26) ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම නායකයන් දෙදෙනෙක් වෙත පැවැරී තිබේ.
ඒ නිත්‍ය නායක ටිම් පයිනේට හා හත් හැවැරිදි ආකි ස්චිලර්ටයි. ආකි දරුණු හදවත් රෝගයකින් පෙළෙන අතර ඔහුගේ සිහිනය වී ඇත්තේ කෙදිනක හෝ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය දැරීමයි.
මාස තුනේ පටන් ශල්‍ය කර්ම රාශියකට පෙනී සිට ඇති ආකි ගේ සිහිනය සැබෑ කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමත්, ක්‍රිකට් ආයතනයත් කටයුතු කරනු ලැබීය.
ආකි කණ්ඩායම සමගින් මේ දිනවල පුහුණුවීම් හි නිරත වී තිබෙන අතර ඔහුව සතුටින් තිබීම සඳහා ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන් හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනු ලැබීය.
ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ආකි වෙනුවෙන්ම ඔස්ට්‍රේලියා ක්‍රිකට් ඇඳුමක් නිර්මාණය කිරීමටත් කටයුතු කරනු ලැබීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

