www.ada.lk
2026 ජුලි මස 24 වන සිකුරාදා
එෆ්. ඒ කුසලාන පාපන්දු තරගාවලියේ වැඩිම වාර ගනනක් (15)ශූරයින් ලෙස කිරුළු පැළඳි සෝන්ඩර්ස් මෙවරත් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැණීමට සමත්විය. ඒ බ්ලූ ඊගල්ස් කණ්ඩායමගෝල 5-1 ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කරමිනි. කොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය නිමාවේදී ගෝල 2-1 ක් ලෙස ඉදිරියෙන් පසුවීමට සෝන්ඩර්ස් සමත්වූහ. සෝන්ඩර්ස් වෙනුවෙන් චමත් රෂ්මිත (2), එන්.සී. අබේසේකර (2) හා එම්.එස්.එම් කුර්ෂිඩ් (1), හා සුන්දර්රාජ් නිරේෂ් (1) ගෝල වාර්තා කිරීමට සමත්විය. බ්ලූ ඊගල්ස් වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය එම්.එම්. ප්රනාන්දු විසින් වාර්තා කලේය. සෝන්ඩර්ස් කණ්ඩායම පසුගිය වර තරගාවලියේ අනුශූරතාවද දිනා ගැනීමට සමත්වූ කණ්ඩායමයි.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
එකම පොලිස් කෝට්ඨාසයක පොලීසි දෙකක් අයියටයි මල්ලිටයි භාරදෙයි
ආජන්ටිනාව පරදවමින් ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය දිනයි
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
පොඩි මැණිකෙගේ පාපුවරුවේ ගිය තුර්කි තරුණිය දුම්රියෙන් වැටෙයි
කැරපොතු ජනතා පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුව වටලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd