ඉන්දියාවේ ඉල්ලිමට මාලිංග IPL පිටියට නිදහස්?
ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීම ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට එක්වීමට නියමිතව තිබූ කාලයට පෙර එම තරගාවලියට එක්වීමට නියමිත බව තොරතුරු වාර්තා වෙයි.
ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අනිද්දා (28දා) රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා 30 දා කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම අතර පැවැත්විමට නියමිත තරගයන් සඳහා වන තේරිම් සඳහා ඔහු ඇතුළත් වෙනු ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි එක්දින තරගාවලියේ ගාලු කණ්ඩායමේ නායකයා ලෙසද නම් කර ඇත්තේ ලසිත් මාලිංගයි.
මෙම තරගාවලිය ලෝක කුසලාන තරගාවලියේ තෙරිම් සඳහා යොදා ගැනීමටද ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ. ලසිත් මුලින්ම මෙම තරගාවලියට ක්‍රීඩා කර පසුව අයි.පි.එල්. සඳහා එක්වීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් පසුගිය දින තුන තුළදි ඉන්දිය ක්‍රිකට් ආයතනය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවැති සාකච්ඡා අනුව ලසිත්ව නිදහස් කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

-
Champa Tuesday, 26 March 2019 04:08 PM
මාලිංග ගියාට පස්සේ වෙන matches තිබ්බොත් ඒවා දිනයි. ඒ මොකොද කණ්ඩායමේ සමහරු හොරට සෙල්ලම් කලේ මාලිංගට විරුද්ධ නිසා. පැරදිච්ච තරඟ වල සමහරු (නම් මතක නැහැ) සෙල්ලම් කරපු හැටි බලපුවහම පේනවා හොඳට සෙල්ලම් නොකළේ උවමනාවෙන්ම කියලා. දැන් ඔහොම කමක් නැහැ. අනාගතේ මාලිංගගෙන් ගන්න හුඟක් වැඩ තියෙනව.
Reply : 1 0
MAHINDA WIJEKOON Tuesday, 26 March 2019 04:47 PM
මාලිංග නිදහස් කරන්න බේ කියල කයිවාරු ගහපු දේශප්‍රේමී මාලිංග BCCI මගින් ඉල්ලපු ගමන් බලු වෙලා DUNNA
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

