විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ නවසීලන්ත කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු පහක පහසු ජයක් ලබා ගැනිමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
චෙන්නායිහි පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය කඩුලු 6 ලකුණු 182ක් රැස් කිරිමට සමත්විය. එම ඉලක්කය පන්දුවාර 17.5කදී කඩුලු පහක් පමණක් වැය කර පසුකර යාමට නවසිලන්ත කණ්ඩායම සමත්විය. ඩී කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙම තරගය පැවැතියේය.
