ආසියාවේ කලු සිංහයා පුෂ්පරාජ් දිවයිනට
10 වන ලෝක කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්රී ලංකා කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් , එම ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව ඊයේ දින රාත්රී යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්රී ලංකාවට පැමිණියේය .
මෙම තරගාවලිය 12/14 සිට 12/16 දින දක්වා තායිලන්තයේ "චියන්මායි " හී දී රටවල් 52 ක ලෝකයේ මුල් පෙළේ ක්රීඩකයන් 600 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .
එහිදී එම සියළු ක්රීඩකයන් පරාජයට පත් කරමින් කිලෝග්රෑම් 100 ට වැඩි බර පංතිය යටතේ තරග වැදුණ " ආසියාවේ කලු සිංහයා " යන විරුදාවලිය ලත් ලූෂන් පුෂ්පරාජ් විශිෂ්ට ජයග්රහණයක් හිමි කරගෙන තිබුණි .
එය ශ්රී ලංකාවේ ක්රීඩකයෙකු සිදු කළ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි .
මෙම ජයග්රහණය වෙනුවෙන් ඔහු ලද කුසලාන සහ රන් පදක්කම් රැගෙන ඊයේ දින රාත්රී 10.50 ට තායිලන්තයේ බැංකොක් සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 407 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ලූෂන් පුෂ්පරාජ් පිළිගැනීමට ඔහුගේ ආදරණීය බිරිඳ , දරුවා , මව්පියන් , නෑදෑ හිතවතුන් , ශ්රී ලංකාවේ කායවර්ධන ක්රීඩකයන් , ශ්රී ලංකා කායවර්ධන ක්රිඩා සම්මේලනවල නිලධාරීන් මෙන්ම , ශ්රී ලංකාවේ ලෝක මෝටර් රථ ශූර ඩිලන්ත මාලගමුව මහතා ද කටුනායක ගුවන් තොටුපළ" සිල්ක් රූට් " විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ , අතිඋත්කර්ෂවත් ලෙස පිළිගනු ලැබීය .


popular news
-
Nandana Wednesday, 19 December 2018 01:29 PM
ඉතා අගෙය්,ඔබට ජය ශ්රී ,ඔය ලග ඉන්නේ ජපානයේ වාහන හොරකමකට අසුවී හිරේ ගොස් රටට අපකීර්තියක් ගෙන දුන් මාලගමුව ඔහු ඔබලවගේ අය මාර්ගයෙන් ජනප්රියවී ඉන්න බලනවා , බොරු නම් අහන්න ජපානයේ ඉන්න අයගෙන්, 6 or 7 years befour
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
