ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමෙන් ඉවත් කළේ ශාරීරික යෝග්‍යතා ගැටලුවක් නිසා බවත්, එය නැවත සකස් කර ගැනීම සඳහා ඔහුට අවස්ථාවක් ලබාදී ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය.
කොළඹදී ඊයේ (26දා) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ අදහස් දැක්වීය .
කෙසේ වෙතත් තමන් මීට පෙර ඔහුව කණ්ඩායමේ නායකත්වයට පත්කළේ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය සලකා බවත් හෙතෙම මෙහිදී පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ චන්දික හතුරුසිංහ මහතා,
"මම ශ්‍රී ලංකා කණ්ඩායමට ආපුවම එයාගෙන් (මැතිව්ස්) ඒ සඳහා ඉල්ලීමක් කළා. මම ඒ වෙලාවෙ හිතුවෙ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෙකුට නායකත්වය ලබා දෙන්න. නමුත් අපිට දැන් තේරෙනවා එයාගෙ ක්‍රිකට් ෆිට්නස් එක ටිකක් දියුණු කරගන්න ඕන කියලා. විශේෂයෙන් එයා පන්දු රැකලා පිතිකරණයේ යෙදෙද්දී, විශේෂයෙන් කඩුලු අතර දුවද්දී එයාගෙ ෆිට්නස් එක ඉෆෙක්ට් වෙනවා. ඒ ගැන එයත් එක්ක කතා කරලා එයාට දියුණු වෙන්න අවස්ථාවක් තමයි අපි දීල තියෙන්නේ."යැයි පැවසීය.
එමෙන්ම ආසියානු කුසලානයේ පරාජය පිළිබඳ මැතිව්ස් පිට පමණක් වරද නොපටවන බවත්, තමන් හා කණ්ඩායම ඇතුළුව අදාළ පරාජයේ වගකීම භාර ගන්නා බවත් හෙතෙම මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී ඇන්ජලෝ මැතිව්ස්ගේ ආසියානු කුසලානය සඳහා සහභාගි කරවීමේදී ශාරීරික යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂණයක් සිදුකළේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැණයකට පිළිතුරු දුන් තේරීම් කමිටු සභාපතිවරයා පැවසුවේ මැතිව්ස් ඔස්ට්‍රේලියානු වෛද්‍යවරුන්ගෙන් ලබාගත් වෛද්‍ය නිර්දේශ මත ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිටීම නොහැකි යැයි පවසා සිටිය බවත්, ඒ හේතුවෙන් පුහුණුකරු හා තේරීම් කමිටු සාමාජිකයන්ගේ එකඟත්වය මත ඔහු කණ්ඩායමට ඇතුළත් කළ බවත්ය.
කෙසේ වෙතත් මැතිව්ස් එළඹෙන තරගාවලියේදී ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් කර ඇති නිසා ඔහුට නැවත ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් සිදු කරන බවද හෙතෙම මෙහිදී පැවසීය.
ඡායාරූප ඉසුුරු පෙරේරා
popular news
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
ලෝක විවාහක රූ රැජින කටුනායකට එයි
ඇල්ල අනතුරට පත් බස් රථය ගැටුණ ජීප් රියේ කැමරා පද්ධතියේ පටිගතවීමේ පහසුකම් නෑ
පාලම මතින් ඟගට නොපැන්නත් ඇගේ සිරුර ගඟේ අත් බෑගය පාලම උඩ
පැතුම්ගෙන් වාර්තා කිහිපයක්
පාතාල නායක අහුන්ගල්ලේ බබාගේ නිවසට ගිනි තියලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd