අපේ අය එංගලන්තයට ගිහින් අත්දැකීම් ගත්තා
එංගලන්ත තරගාවලියේදී අත්දැකීම් ලබාගත් බවත් තරගයක ක්‍රීඩා කරන ආකාරය කණ්ඩායම හොඳින් දන්නා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායක දසුන් ශානක පවසයි.
ඉන්දීය තරගාවලියට පෙරාතුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“රටේ නායකයා වීම ගැන ගෞරවයක්. ලොකු අභියෝගයක් තියෙනවා. ක්‍රීඩකයෝ ගොඩක් දෙනෙක් තරුණයින්. ඔවුන් දක්ෂතා අතර සිටියා.
මේක රට වෙනුවෙන් ක්‍රීඩා කරලා දක්ෂතා දක්වන්න හොඳම අවස්ථාවක්.
විරුද්ධ පිල ගැන හිතන්නේ නැතිව තමන්ගේ දක්ෂතා ආවොත් තරගාවලියේ ඉදිරියට යන්න අවස්ථාව තිබෙනවා.
කණ්ඩායමේ එක්සත්භාවය හොඳයි. ගේම් එකට බැස්සාම අපි දන්නවා ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා. අපේ අය එංගලන්තයට ගිහින් අත්දැකීම් අරගෙන ඉන්නේ.
ක්‍රීඩා ලෝලීන්ට කියන්න තියෙන්නේ පසු බැසීම් එනවා. පසු බැසීමක් ආවොත් තමයි ඉදිරියට යන්නේ. මේ තරගාවලියේදී අපේ ක්‍රීඩකයන් දක්ෂතාවලට ඇවැති හොඳ තරගයක් දෙයි.
අපේ ක්‍රීඩකයන්ව පහළ දාන්න හොඳ නෑ දිරිමත් කරන එකයි කරන්න තියේනේ ඉදිරියට යද්දී.”

popular news
-
Samson de silva Sunday, 18 July 2021 08:57 AM
Ekanam aththa. Pita pita Bangladeshwalatath, Englandwalatath antha lesa paradilaa, ema ratawala honda niwaduwak aragena gaththu athdakeem gena kiyalaa wedak nehe. Onna newathath athdakeem ganna awasthaawak awith thiyenawaa. Mewara B team ekakatath apey Rajapassa pawullanthaye jaathika kandayama paradina andama gena hondin athdakeem ganna obalaata waasanaawa prarthanaa karami.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

