ADA
www.ada.lk
2025 ජුලි මස 29 වන අඟහරුවාදා
සිදුකළ වැරදි හදාගැනීමට එංගලන්ත තරග සංචාරය හොඳ අවස්ථාවක් බවත්, ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම සිදු වූ වැරදි සොයමින් සිටින බවත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පෙරේදා (03දා) පැවසීය.
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේ මස 10 වැනිදා දඹුල්ලේදී ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ශ්‍රී ලංකා නායකයා, "අපි දැන් සොයමින් ඉන්නවා අපිට කොතනද වැරදුණේ කියලා. අපි මේ වන විට අපේ වැරදි හඳුනාගෙන තියෙනවා. එම වැරදි නිවැරදි කරගෙන ක්‍රීඩා කළ යුතුයි. අපි දන්නවා එංගලන්ත කණ්ඩායම ලෝක එක්දින පිටියේ අංක එකේ කණ්ඩායම. ඔවුන් එම තත්ත්වයේ ඉන්නෙ දක්ෂතා දක්වලයි.
අපිත් හොඳ මානසික මට්ටමක ඉන්නවා. ලෝක කුසලාන තරගාවලියට පෙර සහභාගි වන තරගාවලියක් වීම නිසා මෙම තරගාවලිය ජයග්‍රහණයකින් අවසන් කරන්න ලැබුණොත් ඉහළ මානසිකත්වයක් ලබාගැනීමට ප්‍රයෝජනවත් වෙනවා" යැයි පැවසීය.
එංගලන්ත එක්දින කණ්ඩායමේ නායක ඔයින් මෝගන් මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් පවසා සිටියේ. තම රටේදී 2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමේදී මෙම තරගාවලිය වඩාත් වැදගත් තරගාවලියක් වන බවයි.
මෙහිදී අදහස් දැක්වූ එංගලන්ත එක්දින කණ්ඩායමේ නායක ඔයින් මෝගන්, "අපි ශ්‍රී ලංකාවේදී 2014 වසරේ සහභාගි වූ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සංගක්කාර, මහේල සහ මැතිව්ස් ක්‍රීඩා කළා. ඒක වෙනස් කණ්ඩායමක්. මෙවර වෙනස් කණ්ඩායමක් වගේම වෙනස් අභියෝගයක්" යැයි පැවසීය.
මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ, එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ට්‍රෙවර් බේලිස්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ ‘ජැට්’ හෝල්ඩින්ස් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ ඊලියන් ගුණවර්ධන යන මහත්වරුද සහභාගි වූහ.
ඡායාරූප ඉසුරු ෙපෙර්රා
popular news
යටිනුවර ප්‍රා සභාවේ සජබ විපක්ෂනායක සිය පවුල පිටින්ම දිවි නසා ගනියි, කුඩා දියණියක් බේරෙයි
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
රාහුල හිමියන්ගෙන් ඇමති ලාල්කාන්තට අභියෝගයක්
වරෙන්තුවට පෙර නාමල් මාලේ ගියේ ජනපති ගිය ගුවන් යානයේමයි
අධිකරණයට ඉදිරිපත් වූ නාමල්ට ලැබුණු නියෝගය මෙන්න
හිටපු ඇමතිවරයෙක් අභාවප්‍රාප්ත වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd