ව්‍යවස්ථාවකට කලින් ජනතා ප්‍රශ්ණ විසඳන්න
මේ වන විට ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීම කළ යුතු බවත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා අවශ්‍ය කාලය මේ වන විට ප්‍රමාණවත් නොවන බවත් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාතර්ථ සුමංගල හිමිපාණන් සඳහන් කළහ.
ඉදිරි කාල සීමාව තුළ මැතිවරණ ගනණාවක් පැවැත්වීමට නියමිත බැවින් මැතිවරණ සියල්ල නිම කොට ව්‍යවස්ථාවක් වෙනුවෙන් කටයුතු කිරීම වඩාත් සුදුසු යැයිද උන්වහන්සේ සඳහන් කළහ.
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් සකස් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව මල්වතු හා අස්ගිරි මහනායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීම සඳහා පසුගිය (18) දා එම මහා විහාරයන් වෙත පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් හමුවේ මල්වතු පාර්ශවයේ මහා නායක හිමිපාණන් වහන්සේ මේ බව සඳහන් කළහ.
නව ව්‍යවස්ථාවක් ගෙන එමින් රට බෙදීමේ අවශ්‍යතාවය කිසිදු පාර්ශවයකට හෝ ඇතැයි තමන් විශ්වාස නොකරන බව කී උන්වහන්සේ යෝජිත ව්‍යවස්ථාව සඳහා වන යෝජනා තුළ යහපත් කරුණු තිබෙනු ඇතැයි ද තමන් විශ්වාස කරන බව සඳහන් කළහ.
චමිල් රූපසිංහ

popular news
-
Lal Sunday, 20 January 2019 12:28 PM
මහනායක හිමිපාණන්වහන්සේගේ උත්තරය ලැබුනානේ.දැන් ඉතින් ඔය පලක් නැති විශේෂඥ කමිටු වාර්තාව අකුලගෙන යන්න.මහනායක හිමිපාණන්වහන්සේට අනුව වැඩකරන එකයි සුදුසු.
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

