ත්‍රිපිටකය ජාතික උරුමයක් වෙයි
සම්බුද්ධ දේශනා සියල්ල ඇතුළත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට හා එය රජය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව ත්‍රිපිටකයට සම්බන්ධ නැවත මුද්‍රණය හා අනෙකුත් කටයුතු බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා හා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහත්වරුන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

popular news
-
rocky Wednesday, 19 September 2018 06:43 PM
ත්‍රිපිටකයේ අඩංගු සියල්ලම `සම්බුද්ධ දේශනා` නොවෙයි. දීඝ නිකායේම වුනත්, මහා පරිනිබ්බාන සුත්‍රයේ අග, බුදුන්වහන්සේගේ පරිනිර්වාණය, ධාතු බෙදීම ගැන සඳහන් වෙනවා. එක එක රහතන්වහන්සේලා දේශනා කරපු සුත්රත් තියනවා. චන්ද පරිත්ත, මොර පරිත්ත, ධජග්ගය, ජිනපන්ජරය , ආටානාටිය වගේ දේවල් බුද්ධභාෂිත වෙන්න කොහොමටත් බැහැ. පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ මේවා පැහැදිලි කර දීල තියනවා, කාලෙකට ඉස්සෙල්ල. මේවා ජාතික උරුමයක් කියලා කීවම අගය වැඩි වෙනවද? අමතර පිනක් සිද්ධ වෙනවද? නිකං සිංහල බවුද්ධයන්ව රවටන්න කරන විකාර! රටේ කෙරෙන අපරාධවල හැටියට .. දේශපාලුවෝ කරන තක්කඩි කම්වල හැටියට ලෝකෙටම පේනවනේ අපේ තියන ධර්මිෂ්ට කම! මේකත් උප්පරවැට්ටියක්. කාට හරි .. මොකක් හරි .. වාසියක් සැලසෙනවා ඇති.
Reply : 1 12
Daya Siriwardhana Thursday, 22 November 2018 09:05 AM
මේ කඩිමුඩියේ ආණ්ඩුවට ත්රිපිටකයක් මතක්වුනේ ඇයි ? මේ ළගදි මැදගොඩ හාමුදුරුවෝ සහ තවත් කට්ටිය එකතුවෙලා ඇමති වජිර අබේවර්ධන ලග තියාගෙන බලපෑම් කළා. මේ අයට ත්‍රිපිටකය මතක් වුනේ දැන් තමය්. වලස්මුල්ලේ අභය හාමුදුරුවන්ගේ වැඩ සටහන නිසා, පන්සල් වල ඉන්න, මෙතෙක් කලක් ගිහියෝ රවට්ටගන මේ ආත්මයේ නිවන් දකින්න බෑ, මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්ට, කියමින් බොරු කිව අයට දැන් තරු පෙනිලා. අද ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම ගිහියන් මග පල ලබාගනිමින් ඉන්නවා. ත්‍රිපිටකයේ පාලි කොටස වෙනස් නොකර, එය කාටත් තේරෙන සිංහල බාශාවට පරිවර්තනය කෙරුවට කමක් නැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

