නැගෙනහිර පළාතේ අම්පාර, ලාහුගල ප්‍ර‘දේශයේ නීලගිරි මහා සෑයේ පුරාවිද්‍යා කැණීම්වලින් මතු වූ මිහිඳු මහ රහතන් වහන්සේගේ බවට සැලකෙන ධාතූන් වහන්සේලා, සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම අප්‍රේල් මස 01 වැනිදා උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මාතලේ බෞද්ධ මන්දිරයේදී සිදුකිරීමට නියමිතය.
මෙම වැඩසටහන සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ඍජු අධීක්ෂණය යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකරයි.