භාග්‍යා දැරියගේ පාදයේ ශල්‍යකර්මයට දායක වෙමු
අලව්ව, රත්තරංහේන ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එම්. මධුහංසි භාග්‍යා (අවු 5) දැරියගේ පාදයේ සිදු කළ යුතු ශල්‍යකර්මයක් සඳහා ඇගේ මව පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි.මේ පිළිබඳව අදහස් දැක් වූ දැරියගේ මව වන ආර්.පී. මහේෂා දිල්හානි (25) මහත්මිය මෙසේ පවසා සිටියාය.
"මධුහංසි දුව මගේ එකම දරුවා. එයා අවුරුදු 1 ½ දී විතර සෙල්ලම් කරන විට වැටිලා දකුණු පාදය කැඩුණා. ඒ සඳහා කොළඹ ජාතික රෝහලෙන් සැත්කමක් කළා. නමුත් ඒකට මේ අස්ථි බිඳීම සාර්ථක වුණේ නෑ. සැත්කම කරලා මාස 2ක් 3ක් ක්ලිනික් ගියා. ඊට පස්සේ කිව්වා අවුරුදු 2කින් සැත්කමක් කරන්න තියෙනවා කියලා. ඒ සැත්කමට ලක්ෂ 06ක් විතර යනවා කිව්වා. ඒ තරම් මුදලක් අපිට නෑ.
මමයි අම්මයි දුවයි තමයි ඉන්නේ. මගේ මහත්තයා ඩබ්ලිව්.එම්. උපුල් වනසිංහ (26). එයා මුලතිව් 19 වැනි ගැමුණු සේවා බළඇණියේ සාමාන්‍ය සෙබළෙකු විදියට සේවය කළේ. දැන් මාස හතරක, පහක සිට එයා ගැන කිසිම තොරතුරක් නෑ. මම දැන් දරුවා එක්ක අසරණ වෙලා ඉන්නේ. දරුවා ගල්මාරම පෙර පාසලට ඇතුළත් කළත් ආර්ථික දුෂ්කරතා හින්දා මට දුව පෙරපාසල් ගෙනියන්න විදියකුත් නෑ. මගේ දරුවාගේ පාදය සනීප කරගන්න මට උදව් කරන්න කියලා පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටිනවා."
මේ සඳහා වන ආධාර මුදල් දැරියගේ මව වන ආර්.පී. මහේෂා දිල්හානි මහත්මිය නමින් මහජන බැංකුව් අලව්ව ශාඛාවේ 149200100038030 යන ගිණුම් අංකය යටතේ විවෘත කොට ඇති ගිණුමට බැර කළ හැකි අතර වැඩිදුර තොරතුරු 070 - 2034331 යන දුරකථන අංකයෙන් ලබා ගත හැකිය.
අලව්ව - ශ්‍යාමා ධර්මසේන
popular news
-
Karu Wednesday, 18 September 2019 02:40 PM
භාග්‍යා දැරියගේ පාදයේ ශල්‍යකර්මයට දායක වෙමු- 21 06 2018 මම මෙම දැරිය බලන්න ගියා. ශල්‍යකර්මය කරන නුවර සිටින දොස්තර මහතාගෙන් ලිපියක් ගෙන ඒකනායක අංක 194 හයි ලෙවල් පාර මහරගම ලිපිනයට එවන්නට කිවුවා. වසර දෙක්ක යනතුරු මෙය සිදු වුණේ නැහැ.දැන් මැයගේ ප්රශ්නය ඉවරද?දී ඇතිදුරකථන අංකය වැඩ කරනේ නැත.
Reply : 2 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


