ඉඳුරුව, කයිකාවල ප්‍රදේශයේ නිවසක් මතට බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් එම නිවස සහමුලින්ම පොළොවට සමතලා වීම නිසා එහි ජීවත් වූ මවක සහ දියණියක අසරණවී සිටිති.
පසුගියදා අලුයම 1.00 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් ඩබ්ලිව්.ඩී.පත්මා රෝහිණී සහ යූ. ඩබ්ලිව්. උරේෂා ජයමාලී යන මව සහ දියණියගේ ජීවිත බේරී ඇත්තේ හාස්කමකින් මෙනි. පත්මාගේ සැමියාද මීට වසර හතකට පමණ පෙර හදිසි රෝගාබාධයකින් මියගොස් ඇත. සිද්ධිය වූ දින මැදියම් රැයේ සිට විවිධ ශබ්ද නිවසට පිටින් ඇසෙන්නට වූ නිසා අවදියෙන් සිටි බවත් අනතුරක සේයාව දැන තමා දුවත් සමග නිවසින් එළියට යනවාත් සමගම නිවස පිටුපස තිබූ බෝ ගසේ විශාල අත්තක් පොල් ගසක්ද කඩා ගෙන තම නිවෙස සමතලා කරමින් බිම පතිත වූ බවත් පත්මා රෝහිණී මහත්මිය පැවසුවාය.
ජීවත්වීමට කිසිදු ආදායම් මගක්ද නැති මෙම පවුලට නැවත නිවසක් ගොඩ නගා ගැනීමට කිසිදු ක්‍රමයක් නොමැත. දැනට තාවකාලිකව අසල්වැසි නිවසක සිටින මෙම පවුලේ තරුණ දියණියට ආරක්ෂාකාරී වටාපිටාවක්ද අවශ්‍යව ඇති නිසා ඔවුන්ට නිවසක් තනා ගැනීමේ කාර්යයට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වේ. එසේ කැමති අයෙක් වෙතොත් 0711614389 හෝ 0777586813 න් දුරකථන අංකයන්ට ඇමතීමෙන් ඒ සඳහා දායක විය හැකිය.
චතුරිකා ජයරත්න