දෙල්ගොඩ, මීගහවත්ත අංක 246 දරන නිවසේ පදිංචි ඩී. ඕෂධ විමුක්ති හසරංග දරුවා දරුණු ලියුකේමියා රෝගයක් වන බී.ඒ.එම්. එල්. සමග සී.එන්. එස්. ඉන්වයව්මන්ට් නමැති රෝගයෙන් පෙළෙයි.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා මෙම දරුවා සුවපත් කිරීම සඳහා ඇටමිදුළු බද්ධ කළ යුතු අතර, එම සැත්කම ඉදිරි මාස තුන ඇතුළත සිදුකළ යුතු බවට එම රෝහලේ වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.
මෙම සැත්කම මෙරටදී සිදුකළ හැක්කේ නවලෝක රෝහලේ පමණක් වන අතර, සැත්කම සඳහා වෛද්‍ය පහසුකම් හා බෙහෙත් ද්‍රව්‍ය සඳහා රුපියල් ලක්ෂ 55ක පමණ මුදලක් වැය වන බව එම රෝහලේ වෛද්‍යවරුන් පවසා තිබේ. මෙතරම් මුදලක් සොයාගැනීමට ස්ථිර ආදායමක් නොමැති තමන්ට නොහැකි බව දරුවාගේ පියා වන දුමින්ද අරුණ ශාන්ත මහතා පවසයි.
තම දරුවාගේ සැත්කම සාර්ථක කර ගැනීමට උපකාර කළ හැකි අය වෙතොත් අරුණ ශාන්ත ඩිංගිරිගේ දුමින්ද නමින් මහජන බැංකුවේ නාරාහේන්පිට ශාඛාවේ විවෘත කර ඇති 119200138161612 දරන ගිණුමට ආධාර මුදල් බැර කරන මෙන් හෙතෙම ඉල්ලා සිටියි.
මේ පිළිබඳ වැඩි විස්තර 071 3 211 613 (දරුවාගේ පියා) ඇමතීමෙන් ලබාගත හැකිය.