කිසිවකුගේ හව්හරණයක් නැතිව දියණියන් දෙදෙනකු සමග කඩා වැටෙමින් පවතින අබලන් නිවසක දිවි ගෙවන මවක් නිවහන තනා ගන්නට ජතනාවගේ ආධාර පතයි.
අඹේපුස්ස කීනදෙණිය කොරියවත්තේ අංක 21/ 4/සී. ලිපිනයේ පදිංචි කේ.ජී. දයාලතා (44) මහත්මිය අට හැවිරිදි හා 13 හැවිරිදි දියණියන් දෙදෙනා සමග මෙම නිවසේ පදිංචිව සිටිති.
එදිනෙදා ලැබෙන කුලී වැඩකින් දිවි රැකගන්නා මෙම මව දියනියන් දෙදෙනා පාසල් යැවීමටද කි‍්‍රයා කරන්නේ මහත් අපහසුවෙන් බව ඇය පවසන්නීය. ඒ තත්ත්වය මත ස්ථිර නිවසක් තනාගැනීම සදාකාලික සිහිනයක් පමණක්ව ඇතැයි පවසන දයාලතා මහත්මිය, අට වසරකට පමණ ඉහතදී අසල්වාසීන්ගේ දායකත්වය ඇතිව වරිච්චි බැඳ කටුමැටි ගසා තනාගත් නිවස මේ වනවිට කඩා වැටෙමින් ඇතැයි පවසා සිටියාය.
තමන්ගේ ස්ථිර මාසික ආදායම සමෘද්ධි දීමනාව හා මහජනාධාර දීමනාවට පමණක් සීමාවී ඇතැයිද එදිනෙදා ලැබෙන කුලියක් කර ලබාගන්නා සොච්චමද එකතු කරගෙන අපහසුවෙන් දිවි රැකගන්නා බව ඇය පැවසුවාය.
වැසි දිනවලට නිවස එකම මඩ වළක් වන බව පෙන්වා දෙන ඇය මේ නිවස දරු දෙන්නා සමග දිවි ගෙවන්නට හැකි අන්දමට සකසා ගැනීමට ද්‍රව්‍යමය හෝ මුදලින් ආධාරයක් කර සහාය දෙන ලෙස ඉල්ලා සිටී.
සෙලාන් බැංකුවේ මීරිගම ශාඛාවේ අංක 078002647619102 දරණ ගිණුමට ආධාරයක් ලබාදෙන ලෙස ඇය ඉල්ලා සිටින අතර, වැඩිවිස්තර සඳහා 077-4238540 අංකයෙන් දයාලතා මහත්මිය ඇමතිය හැකිය.