වකුගඩුවක් දන්දී සරසවි සිසුවිය සුවපත් කරමු
ඌවපරණගම බඹරපාන මැදිපොකුණීවිජයv නිවසේ පදිංචි චන්ද්‍රසේන විජේකෝන් මහතාගේ හා ඩී.එම්. කුසුමාවතී මහත්මියගේ බාලම දියණිය වූ ඩබ්ලිව්.එම් දිනේෂා මනුෂිකා විජේකෝන් දැනට බදුල්ල මහ රෝහල් ගතකර සිටින 21 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවිය දරුණු වකුගඩු රෝගයකින් පෙළීමෙන් එක් වකුගඩුවක් අක්‍රියවී ඇති අතර, A හෝ O රුධිර ඝනයේ වකුගඩුවක් බද්ධ කරන ලෙසට බදුල්ල මහ රෝහලේ වකුගඩු රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා නිර්දේශ කර තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය බාහිර උපාධි අපේක්ෂිකාවක් ලෙසට ඉගෙනුම ලබන මෙම සිසුවියගේ ජීවිතය බේරාගැනීමට ගරුතර සංඝයා වහන්සේ නමකට හෝ පිං කැමති පරිත්යාගශීලීයෙකුගේ වකුගඩුවක් පරිත්‍යාග කරන ලෙසට ඇයගේ දෙමාපියෝ කාරුණිකව ආයාචනා කර සිටිති.
මේ පිළිබඳව වැඩිවිස්තර 057 - 4905208 හෝ 071-0843187 යන දුරකථන ඇමතීමෙන් ලබාගත හැකිය.
ඌවපරණගම - අර්නි දඹදෙණිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

