වසර 17කට ආසන්න කාලයකට පසුව නුවරඑළිය නගර සීමාව අභයවල පට්ටිපොළ ලෝකාන්තය ඇතුළු ප්රදේශවලට සෙල්සියස් අංසක 05ට අඩු දැඩි සීතලක් සහිතව සෙන්ටිමීටරයක පමණ උසකින් සුදු වර්ණයෙන් මල් තුහින පතිත වී තිබීම අද (23) උදෑසන දක්නට ලැබින.
මෙම තත්වය හමුවේ උදැසන හත දක්වා සමස්ත පරිසරයම සුදු වර්ණයෙන් හැඩ වී තිබුණු අතර දැඩි සීතලක් ද දක්නට ලැබිණ.
මෙම දුලබ දර්ශනය දැකබලා ගැනීම සඳහා සංචාරකයන් මෙන්ම නුවරඑළියේ පරිසරවේදීන් රැසක් ද නුවරඑළිය නගරය අවට උදෑසන හයවන විට සංචාරයක යෙදී සිටීමක් දක්නට ලැබිණ.
ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය





