කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්රල් ලීටර් 33000ක් ප්රවාහනය කල පෞද්ගලික අංශයේ බවුසර් රථයක් පෙරලීමෙන් සිදු වූ ඉන්ධන කාන්දුවෙන් ඩීසල් සහ පෙට්රල් ලීටර් 13000ක් පමණ අඩු වී ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථා ගබඩා සංකිර්ණයේ නිළධාරියෙකු පැවසීය.
එම බවුසරයේ පෙට්රල් සහ ඩීසල් ප්රවාහනය කරමින් තිබියදි එම බවුසර් රථය හැටන් නුවරඑලිය කිරිමැටිය මාර්ගයේ ක්ලාන්ට්රන් වත්ත ප්රදේශයේදී මාර්ගය හරහා පෙරලීමෙන් බවුසර් රථය ප්රවාහනය කල පෙට්රල් සහ ඩීසල් කාන්දු වීමත් සමග ප්රදේශවාසීන් කාන්දු වෙමින් තිබූ ඉන්ධන බූලි වලට රැගෙන ගිය අතර, බවුසර් රථය අනතුරට පත්වන අවස්ථාවේ පැවත් දැඩි අයහපත් කාලගුණ තත්වයක් සමග ඉන්ධන විශාල ප්රමාණයක් ඉහල කොත්මලේ ජලාශයට කාන්දු වී ඇත.
අනතුරට පත් බවුසරයේ තිබූ ඉතිරි ඉන්ධන කොටගල ඛණිජ තෙල් නීතිගත සංස්ථා ගබඩා සංකීර්ණයේ නිලධාරින් බවුසර් රථ යොදාගෙන ඉන්ධන ඉවත් කරගෙන ඇත.
බවුසර් රථය අනතුරට පත් වූ ස්ථානයට පහලින් වු තේ වතු ගණනාවක වතු කම්කරුවන් පානීය ජලය ලබා ගන්නා ජල මූලාශ්රවලටද ඉන්ධන එක් වීඇති අතර, මේ පිලිබදව නුවරඑලිය දිස්ත්රික් ලේකම්කරියගේ නියමයෙන් විමර්ශණයක්ද ආරම්භකර ඇත. ඉන්ධන ප්රධාන මාර්ගයේ සහ ජල මූලාශ්ර වලට මුසු වීම හේතුවෙන් විශාල පරිසර හානියක්ද සිදු වී ඇත.




