ඩ්‍රෝන මෙහෙයුමකින් ඇල්ලූ යාල කැලේ ගංජා වගාව
ඩ්‍රෝන කැමරා මගින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව යාල රක්ෂිතයේ පත්ත්වාගෙන ගිය රුපියල් කෝටි දෙකහමාරකට වඩා වටිනා ගංජා වගාවක් හා තුවක්කුවක් සමග සැකකරුවන් දෙදෙනෙකු තණමල්විල පොලිස් නිළධාරින් හා ගුවන් හමුදා නිලධාරින් විසින් ඊයේ (26) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තණමල්විල කොට්ඨාශ බුද්ධි අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
තණමල්විල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.එම්.පී.බණ්ඩාර මහතා ප්රමුඛ නිළධාරීන් කණ්ඩායමක් හා කළුතර ගුවන් හමුදා කදවුරේ UAV බළකායේ ඩ්‍රෝනා කැමරා ඒකකයේ නිළධාරින් විසින් මෙම මෙහෙයුම සිදුකර තිබේ.
මහ වර්ෂාව මධ්‍යයේ කිරිඳි ඔයද තරණය කරමින් ඩ්‍රෝන කැමරා මගින් නිරීක්ෂණය කරමින් මෙම වැටලීම සිදුකර තිබේ.වැටලීමේදී ගංජා වගේවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු හා ඔවුන් සතුව තිබූ මෙරට නිශ්පාදිත ගිණි අවියක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් යාල රක්ෂිතයේ රැදී සිටිමින් මෙම වගාව සිදුකර තිබේ.එහිදි අක්කර දෙක හමාරක භූමියක් හෙළිපෙහෙලි කර සැකකරුවන් ගංජා වගාව සරුවට කරගෙන ගොස් තිබුණි. වැටලීමේදි විවිධ අස ප්‍රමාණයෙ ගංජා ගස් 35000ක් පොලිසිය විසින් ගලවා ගිණි තබා විනාශ කර තිබෙනවා.
වැටලීමේදි අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල හා කිතුල්කොටේ පදිංචි 33 හා 36 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකි.සැකකරුවන් දෙදෙනා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සූරියවැව නුවන් ජයසේකර




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
