ඝණ අපද්‍රව්‍ය නිසා කාසල්රී විනාශයි
දීපාවලී උත්සව සමයේ හැටන් නගරයෙන් බැහැර කල ප්ලාස්ටික් පොලිතින් ඇතුලු ඝණ අපද්‍රව්‍ය කාසල්රි ජලාශයේ තැම්පත් වෙයි. ධීවරයෝ මැසිවිලි නගති.
ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනය සදහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයේ විශාල වශයෙන් ප්ලාස්ටික් පොලිතින් ඇතුලු ඝණ අපද්‍රව්‍ය විශාල වශයෙන් ගසා ගෙනවිත් ජලාශයේ පා වෙමින් තිබෙන බව එම ජලාශයේ ධීවර කර්මාන්තයේ නියැලී සිටින ධීවර ප්‍රජාව කියා සිටියි.
දීපාවලී උත්සව සමයේ හැටන් ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ශාවත් සමග හැටන් නගරයේ තාවකාලික වෙළදාම් සදහා පිට පළාත් වලින් පැමිණි පිරිස් විසින් නගරය හරහා ගලා බසිනා ජල පහරට ඇතැම් ව්‍යාපාරිකයන් විසින් ඉවත ලන ප්ලාස්ටික් පොලිතින් ඇතුලු ඝණ අපද්‍රව්‍යත් සහ හැටන් ප්‍රදේශයේ ඇතැම් පදිංචිකරුවන් විසින් දිනපතා නිවෙස්වලින් බැහැර කරන කැලි කසලත් කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඔයට මුදාහැරීම නිසාත්, හැටන් දික්ඔය නගරයේ ව්‍යාපාරික ප්රජාවද නගරය පිටුපසින් ගලා බසිනා දික්ඔය ඔයට දිනපතා මෙසේ කැලි කසල බැහැර කිරිම නිසා දික්ඔය ඇළ දිගේ කාසල්රි ජලාශයට එම අපද්‍රව්‍ය ගලාගෙන විත් තැම්පත් වී විශල පරිසර හානියක් සිදු වී ඇති බවයි.
තවද කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා හැටන්ඔයේ ගසාගෙන එන ඝණ අපද්‍රව්‍ය පාලනය කිරිම සදහා ජලාශයේ එළා තිබූ ආරක්ෂිත දැලද මේ වන විට කැඩී ගොස් ඇති බවත්, පවත්නා තත්වය මත ගසාගෙන එන ප්ලාස්ටික් පොලිතින් ඇතුලු ඝණ අපද්‍රව්‍ය ජලාශය පුරා විසිරි ඇති බවයි එම ජලාශයේ ධීවරයින් කියා සිටින්නේ.
කාසල්රි ජලාශය කේන්ද්‍ර කර ගනිමින් සංචාරක හෝටල් කිහිපයක්ද තිබෙන බවත්, ජලාශයේ සිදු වී ඇති පරිසර හානිය නිසා ජලාශයේ සුන්දරත්වයට හානි සිදු වී ඇති බවත්, ධීවර කටයුතු සදහා තමන් එළන දැල්වලද එම අපද්‍රව්‍ය රැදීම හේතුවෙන් වටිනා ධීවර දැල්ද විනාශ වී ඇති බවයි එම ජලාශයේ ධීවර කර්මාන්තයේ නියැලි සිටින ධීවරයින් වැඩි දුරටත් කියා සිටියේ.






popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
