ගාඩ්මෝර් නාය යෑමක් සක්රීය වෙයි
මස්කෙළිය පොලිස්වසමට අයත් ගාඩ්මෝර් ප්රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ විශාල කොටසක් නායයැම හේතුවෙන් එම නායයෑමට ඉහළින් වූ වතු නිවාස පෙළක පදිංචි පවුල් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට එම වතු පාලන අධිකාරියට උපදෙස් ලබා දුන් බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක සරත් පුෂ්පකුමාර මහතා පැවසිය.
මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වූ එම වතුයාය පිහිටි ප්රදේශයට (20) දින පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග තේ වත්තේ විශාල කොටසක් එම වතුයායට පිවිසෙන ප්රධාන මාර්ගයද සමග නාය ගොස් ඇත.
නායයෑමෙන් මාර්ගය අවහිර වීම නිසා එම වතුයායට පිවිසීමට වෙනත් මාර්ගයක් නොමැති වීම හමුවේ එම වතුයායේ පදිංචිකරුවන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇත. නායයෑමේ අවධානම හේතුවෙන් එම වතුයායේ පවුල් 7කට අයත් සාමාජිකයන් 30 දෙනෙකු එම වතුයායේ ආරක්ෂිත ස්ථානයක රදවා ඇත.නායයෑම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය වෙත දැනුම් දුන් බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.






popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

