කාසල්රි සහ මාවුස්සාකැලේ පිටාර මට්ටමට
කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල කඩින් කඩ ඇදහැලෙන වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට (21) දින උදෑසන වන විට ලගා වී ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවරුන් පැවසීය.
කාසල්රි ජලාශය පිටාර මට්ටමට අඩි -0.6 1/2ක් දක්වා ලගා වි ඇති බවත්, එම ජලාශයට ගත වූ පැය 24 තුල මිලිමීටර් 4ක වර්ෂාපතනයක් ලැබී ඇති බවත්, මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 3.7ක් දක්වා ලගා වී ඇති බවත්, එම ජලාශයට ගත වූ පැය 24 තුල මිලිමීටර් 2.5ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි එම ජලාශභාර ඉංජිනේරුවන් කියා සිටියේ.
එම ජලාශ දෙකේම ජල මට්ටම ඉහළ යැමත් සමග කැනියෝන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර ජලාශවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයෙන් සිදු කරන බවයි එම විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් කියා සිටියේ.
ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගාඩ්මෝර්, මරේ දිය ඇල්ල, මෝහිණි ඇල්ල, සෙන්ක්ලෙයාර් සහ ඩෙවෝන් ඇළිවල කඩා හැලෙන ජල ධාරිතාවද ඉහළ ගොස් ඇත.










popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
