එමිරේට්ස් ගුවන් සේවය වෙත අලුතින් එක් වූ නවීනතම ඒ.350 එයාර් බස් ගුවන් යානය 05/08 දින පස්වරුවේ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
එමිරේට්ස් ගුවන් සේවය සතු ප්‍රංශයේ නිෂ්පාදිත එයාර් බස් ඒ.380 සහ ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝයිං 777 ගුවන් සිය ගුවන් යානා ඇණියට , අලුතින් එක් ව සිටින්නේ මෙම එයාර් බස් ඒ.- 350 ගුවන් යානායි .
පුළුල් බද සහිත , කාර්යක්ෂම , අති නවීනතම මෙම ගුවන් යානය , ඇංජින් දෙකකින් බල ගැන්වෙන අතර , ඉන්ධන කාර්යක්ෂමතාවය අතින් ගුවන් සේවයටත් ගුවන් මගීන්ට වැඩි පහසුකම්වලින් යුතු සුවදායී ගුවන් ගමනක ආස්වාදය ලබා දීමටත් සමත් වී තිබේ .
කෙටි , මධ්‍යම සහ පැය 15 ඉක්මවා යන ගුවන් ගමන් සදහා ද මේ වනවිට එමිරේට්ස් ගුවන් සේවයේ මෙම ගුවන් යානා යොදවා තිබෙන අතර , මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරි පංතියේ ආසන 32 ක් , ප්‍රිමියම් ව්‍යාපාරික පංතියේ ආසන 21 ක් සහ ප්‍රිමියම් ඉකොනොමි පංතියේ ආසන 259 ක් වශයෙන් , සමස්ථ ගුවන් මගී ආසන 312 ක් සැළසුම් කර තිබේ .
මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන්ට වැඩි ඉඩකඩක් සහිත සිය ගමන් මලු ගබඩා කිරීම සදහා කැබින් පද්ධති පුළුල් කර ඇති අතර , මෙම ගුවන් යානය තුළ ස්ථාපිත කර ඇති නවීනතම සන්නිවේදන පද්ධති මගින් ගුවන් ගමන අතරතුර විනෝදාස්වාදය ලබා දෙන සිනමා පට , ලොව පුරා ප්‍රකාශිත ඩිජිටල් පුවත් පත් සහ සගරා කියැවීමට අවස්ථාව හිමි වී තිබේ .
ගුවන් යානයේ ගමන් මග නැරඹුම් දිශා 05 කින් සජීවීව දැක බලා ගැනීමට , ජංගම දුරකථන යළි ආරෝපනය කර ගැනීමට , බ්ලූටූත් සබදතා සැනෙකින් ක්‍රියාත්මක කර ගැනීමට මෙන්ම මෙම සියල්ල අතරේ ගුවන් මගී අවශ්‍යතා මත ගුවන් යානා කැබින් කාර්යය මණ්ඩලයේ සහාය ලබා ගැනීමට ද අවස්ථාව හිමි කර දී තිබේ .
එසේම ජාත්‍යාන්තර චන්ද්‍රිකා ජාලය හරහා ගුවන් ගමන අතරතුර දී අඛණ්ඩව අන්තර්ජාල සබදතා පවත්වා ගත හැකි ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු නව පරම්පරාවේ ඇන්ටෙනා පද්ධතියක් මගින් ඇමෙරිකාව සහ උත්තර ධ්‍රැවය හරහා ගමන් කිරීමේ දී අඛණ්ඩ ගෝලීය සබදතා ද මේ මගින් පවත්වා ගෙන යාමට පහසුකම් සළසා දී තිබේ .
එසේම දිගුකාලීන ගුවන් ගමන් සදහා උචිත වන සුවපහසු මගී ආසන පද්ධතිය සහ වැඩි ඉඩකඩක් සහිත සහිත සුඛෝපභෝගී වැසිකිලි පද්ධතියකින් ද මෙම ගුවන් යානය සමන්විත වේ .
මෙම නවීනතම එයාර් බස් ඒ.-350 ගුවන් යානය 05/08 දින පස්වරු 04.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර එය දැකබලා ගැනීමට මාධ්‍යවේදීන් 30 ක පමණ පිරිසක්ද , ගුවන් සේවා ක්ෂේත්රය හා සම්බන්ධ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම එමිරේට්ස් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඊසා සුලෙයිමාන් අහමඩ් මහතා ඇතුලු පිරිසක්ද පැමිණ සිටියහ .
සතියේ සෑම දිනකම සිව් වතාවක් මෙම එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානා ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන අතර , එයින් එක් ගුවන් ගමන් වාරයක් සදහා මෙම නවතම එයාර් බස් ඒ.- 350 ද පැමිණීම සිදු කරන අතර එය ශ්‍රී ලංකාවේ 2025 වසරේ සංචාරක ඉලක්ක සපුරාලීම සදහා මහගු මෙහෙවරක් කරමින් සිටිති .




