ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පිළිගනු ලැබූ අතර ජනාධිපතිතුමා වෙත විශේෂ හමුදා උත්තමාචාර ද පිළිගැන්විණ.
මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා ගුවන් සංග්‍රාමික බල සේනාවේ ඉදිරි සැලසුම් පැහැදිලි කරනු ලැබීය. එම තොරතුරු ඇතුළත් ග්‍රන්ථය සහ ජනාධිපතිතුමාගේ චාරිකාව සනිටුහන් කරමින් සමරු තිලිණ ප්රදානය හමුදාපතිතුමා විසින් සිදු කෙරිණ.
ගුවන් සංග්‍රාමික බල සේනාවේ විද්‍යුත් ග්‍රන්ථය අන්තර්ජාලයට එක් කළ ජනාධිපතිතුමා යුද හමුදා මූලස්ථානයේ “ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරිය” ද විවෘත කරනු ලැබීය.
කෞතුකාගාරය ඇතුළු යුද හමුදා පරිශ්‍රයේ ස්ථාන රැසක් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.
ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික ප්‍රධානීන් සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසු ජනාධිපතිතුමා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න යන මහත්වරු සහ යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
popular news
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
නිදි යහනේ මියගිය රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd