මිස් ඉන්ටර්නැෂනල් රූ රැජින තරගාවලියට ලංකාවෙන් ටිෆනි
- 11 11 2026
- 10:20
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී. කපිල
ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 64 වන මිස් ඉන්ටර්නැෂනල් රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා ටිෆනි විජේපාල මෙනවිය 11/11 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ජපානය බලා පිටත්ව ගියාය .
මෙම තරගාවලිය ලෝකයේ ප්‍රධානතම රූ රැජින තරගාවලි වලින් එකක් වන අතර මේ සඳහා ලෝකයේ රටවල් 80 ක තරුණ රූ රැජිනියන් 11/11 දින සිට 11/25 දින දක්වා ජපානයේ ටෝකියෝ නුවර පැවැත්විමට නියමිතය .
ඇය 11/11 දින අලුයම 12.45 ට හොංකොං නුවර බලා කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්. - 711 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියාය .
ටිෆනි විජේපාල කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරික කටයුතු වල නිරත ව්‍යවසායිකාවක වන අතර , ඇයට සමුදීම සදහා ඇයගේ දෙමාපියන් , පුහුණුකාරිනිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.