මිලියනයේ හොරා සී.සී.ටී.වී. කැමරාවේ
හැටන් එම්.ආර් නගරයේ පිහිටි නිමි ඇදුම් වෙළදසැලක ඉදිරිපස ඉබි කපා ඇතුලු වූ පුද්ගලයෙකු එම නිමි ඇදුම් වෙළදසැල තුල තිබූ රු.ලක්ෂ 10ක මුදල් (25) දින අලුයම සොරාගෙන ගොස් ඇති බව හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශය වෙත එම වෙළදසැලේ අයිතිකරු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
අලුයම එම වෙළසැලට සැකකරු ඇතුලු වී එම මුදල් සොරාගෙන ඇති බවට වෙළදසැල්හිමියා විසින් හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයට කර ඇති පැමිණිල්ලේ සදහන් කර ඇත.
සොරකම සම්බන්ධයෙන් සොයා බැලීමට හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්රදීප් වීරසේකර මහතා සහ හැටන් සහකාර පොලිස් අධිකාරිවරයාද එම වෙළදසැලට පැමිණ විමර්ෂණ කටයුතු ආරම්භ කෙරිණ.
පසුගිය මාස කිහිපය තුල හැටන් නගරයේ වෙළසැල් රැසක් මෙවැනි ආකාරයට බිද එහි තිබූ මුදල් සහ ස්වර්ණාභරණ සොරාගෙන ගොස් තිබුණි. හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශය විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.







popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
