පෝලන්ත රූප රාජිනියෝ ලංකාවේ පැවැත්වෙන අදියරට එති
පෝලන්තයේ පැවැත්වෙන , එරට ජාතික රූ රැජින තරගාවලිය වන " මිස් පෝල්ස්කි " ( Miss Polski ) තරගාවලියේ එක් අදියරක් , ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර , ඒ සදහා සහභාගී වීම සදහා , එම තරගාවලියේ අවසන් වටය සදහා තේරී ඇති , පෝලන්ත ජාතික රූ රැජිනියන් 24 දෙනා ඇතුළු එම තරගාවලි කාර්යය මණ්ඩලයේ 45 දෙනෙකුගෙන් යුතු පිරිසක් 06/07 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම අදියර දින 10 ක් පුරා සීගිරිය, පාසිකුඩා , නීලාවැලි , මින්නේරිය , දඹුල්ල සහ කොළඹ දී පැවැත්වීමට එම පෝලන්ත සංවිධායකවරුන් සැළසුම් කර තිබේ.
ලෝකයේ වැඩි අවධානයක් දිනා ගෙන ඇති මෙම පෝලන්ත රූ රැජින තරගාවලියේ එක් අදියරක් මෙරට පැවැත්වීම තුළින් පෝලන්තය ඇතුළු සමස්ථ ලෝකයේ සංචාරක ආකර්ෂණය ලබා ගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සැළසුම් කර තිබේ .
මෙම පිරිස 06/07 දින උදෑසන 07.15 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 1130 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂවරුන් වන චමිල ජයරත්න , මසිත තාබෲ යන මහත්වරුන් සහ ගුවන් තොටුපොළ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකරු වාසනා කුමාරි මහත්මිය ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

