පාසල් බසයක් අනතුරක, ළමුන් 34කට තුවාල
බගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයේ සිට බගවන්තලාව නගරයේ පිහිටි පාසල් වෙත පාලස් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අනතුරට පත් විමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් 34දෙනෙකු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත (28) දින ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශීය වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ ජයසූරය මහතා පැවසීය.
උදෑසන 7:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ රාණිකාඩුව බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ කැම්පියන් වත්ත ප්‍රදේශයෙදිය. ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය නතර කිරිමට රියදුරා බස් රථය ප්‍රධාන මාර්ගයේ පස් කන්දක ගැටීමට සලස්වා බස් රථය නතර කර ඇත.
අනතුරින් තුවාල ලැබූ ළමුන් දස දෙනෙකු වැඩි දුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවන බවත්, බගවන්තලාව ප්‍රාදෙශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සෙසු තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බවයි දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරිවරයා කියා සිටියේ.







popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
