හෝමූස් සමුද්‍ර සන්ධිය භාවිත කරන නැව් වලින් අයකරගත් ගාස්තු ඉරාන මහ බැංකුවේ ගිණුමට තැන්පත් කර ඇති බව ඉරාන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක හමීද්රේසා හාජි බබායි පවසයි.
තස්නිම් ප්රවෘත්ති ඒජන්සියේ වාර්තාවකට අනුව, ආදායම එකතු කරන ආකාරය හෝ එය ගෙව්වේ කවුරුන්ද යන්න පිළිබඳව ඔහු වැඩිදුර විස්තර ලබා දී නොමැත.
තවත් ජ්‍යෙෂ්ඨ ඉරාන මන්ත්‍රීවරයෙකු වන අලිරේසා සලිමි “ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව්වලින් ගාස්තු එකතු කර ඇති බව විශ්වාසදායක මූලාශ්‍රවලින් මට ආරංචි වී තිබේ.” යැයි පැවැසීය.
"මෙම එක් එක් නෞකාවෙන් එකතු කරන මුදල සහ ගාස්තු, භාණ්ඩ වර්ගය සහ ප්‍රමාණය සහ ඒවා රැගෙන යන අවදානම්මට්ටම අනුව වෙනස් වන අතර, මෙම ගාස්තු එකතු කරන්නේ කෙසේද සහ කොපමණ ප්රමාණයකටද යන්න ඉරානය තීරණය කරයි," ඔහු පවසයි.