ඇමරිකානු ගුවන් සංදර්ශනයක් අතරතුර ප්රහාරක ජෙට් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් විනාශ වි තිබේ.
එම ජෙට් යානා දෙකේ ගමන් කර ඇති ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන් සිව්දෙනා ආරක්ෂිතව ඉන් ඉවත්ව පැරෂුට් ආධාරයෙන්පහළට පැමිණ තිබේ.
ගුවන් සංදර්ශනය පවත්වමින් සිටි එක්සත් ජනපද නාවික හමුදා EA18-G ජෙට් යානා දෙකක් මෙසේ අනතුරට පත්ව තිබේ.මෙම සිදුවීම ඉරිදා සිදු වූයේ, අයිඩහෝ හි මවුන්ටන් හෝම් ගුවන් හමුදා කඳවුරට වයඹ දෙසින් සැතපුම් 2 (කිලෝමීටර් 3.2) ක් දුරින් පිහිටි ගන්ෆයිටර් ස්කයිස් ගුවන් සංදර්ශනයේ දෙවන සහ අවසාන දිනය අතරතුරය.
ගුවන් සංදර්ශනයේ ඉතිරි කොටස අවලංගු කිරීමත් සමඟ කඳවුර වසා දමා පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

