රටටම ආදර්ශයක් වූ පල්ලෙකැලේ ක්‍රීඩා ලෝලින්
රුසියාවේ පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අතරතුර ජපාන ක්‍රීඩාලෝලින්, ක්‍රීඩාංගණයේ තැන තැන විසිකර දමාතිබූ කුණු එකතු කර ලොවට පෙන්වූ ආදර්ශමත් ක්‍රියාව අපට අමතක නොවේ. කෙසේ නමුත් මෙරට ක්‍රීඩාලෝලින් ජපනුන් විලසින් කුණු එකතු කරනු ඇතැයි කිසිවෙකු නොසිතන්නට ඇත. කෙසේ නමුත් ඒ අතීතයේය. අද වනවිට දිවයිනේ විවිධ ස්ථානවල මෙවැනි ක්‍රියාවන් සිදුවෙමින් පවතියි.
මෙයට ආසන්තම සිදුවීම වූයේ පසුගිය ඉරිදා (05දා) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තෙවැනි එක්දින තරගය අවසානයේදීය. තරග නැරඹීමට පැමිණි ගැහැනු පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනෙකු ක්‍රීඩාංගණයෙන් පිටව ගියේ තැන තැන විසිරී තිබූ සියලු කැළිකසළ එක් තැනකට ගොඩගසාය. මෙම ක්‍රියාව පසුගිය දින කිහිපයේදීම සමාජ මාධ්‍ය තුළද විශාල අගය කිරීමකට ලක්කර තිබුණි.
'හෙට උපදින පරපුර වෙනුවෙන් පරිසර රැකගැනීමේ පත්තර මෙහෙයුමක' නිරතව සිටින 'අද' පුවත්පත සෑම සතියකම බදාදා දිනය එනම් 'සොබා බදාදා' වෙන්කර තිබෙන්නේද පරිසරයේ වටිනාකම පාඨකයාට මතක් කරදීමටය. ඒනිසා 'අද' පුවත්පතේ ක්‍රීඩා පිටුව වෙන්වූයේ පල්ලෙකැලේ ප්‍රේක්ෂකයන් ඇගයීමටය. මොවුන්ගේ මෙම ක්‍රියාව සමස්ත ශ්‍රී ලාංකිකයන්ම ආදර්ශයක් කරගනු දැකීම අපගේ අරමුණයි.
ඡායාරූප ශාන්ත රත්නායක





popular news
-
sam Wednesday, 08 August 2018 02:56 PM
මෙය අගේකල හරිම ප්රසන්සමිය ආදර්ශයක්
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
