www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 41ක් වන නවම් මහ පෙරහැරේ සධාතුක කරඩුව මංගල හස්ති රාජයා මත වඩා හිදුවා චාරිත්‍රානුකූලව පෙරහැර ආරම්භ කිරීම ඊයේ (19) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ජනාධිපතිතුමා ගංගාරාම විහාරස්ථානයේ බුද්ධ මන්දිරය වැද පුදා ගෙන ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව සධාතුක කරඩුව මංගල හස්ති රාජයා මත තැන්පත් කරනු ලැබු අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද ඊට සහභාගි විය.
ගංගාරාම විහාරාධිකාරී පුජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද දායක සභාවේ සභාපති රංජිත් විජේවර්ධන, අමාත්‍යවරුන් වන රුවන් විජේවර්ධන, සාගල රත්නායක, පා.ම මහින්ද අමරවීර, තිලංග සුමතිපාල, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ද තානාපතිවරු ඇතුළු දෙස් විදෙස් බැතිතුමන් අතිවිශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ශමිර රාජපක්ෂ
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd