Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
විශ්වවිද්‍යාල කියන්නෙ රැකියා දෙන්න හදපු ආයතන හෝ ආර්ථිකයත් එක්ක පදනම් කරගත් ආයතන නෙවෙයි, නව දැනුම සොයන මධ්‍යස්ථාන විදියටයි සලකන්නෙ. ඒකතමයි අපෙත් තර්කය. හැබැයි ප්රශ්නය තියෙන්නෙ, මේ දැන් තිබෙන අධ්‍යාපන ක්‍රම‘වේදය 'ජීවිතයට මෙලෝ වැඩක් නැති' එකක්. විශ්වවිද්‍යාලයෙන් එළියට ගියාම අතරමං වෙන්න වෙලා තියෙනවා.
තනිකරම සහතිකපත්‍ර දෙන දෙයක් බවට අධ්‍යාපන ක්‍රමය පත්වෙලා. ඒ ක්‍රමවේදය හැදුවෙ කවුද?. ඒ වගකීම ආණ්ඩුව ගන්නෙ නැතිව උපාධිධාරියා එළියට ආවට පස්සෙ එයාට දොස් කියල වැඩක් නෑ. එතනදී ඔයාට සුදුසුකම් නෑ, අපි පොරොන්දු වුණේ නෑ කියලා වැඩක් නෑ. අපි කියන්නෙ ආර්ථිකයට උරාගන්න උපාධිධාරියෙක් හදන්න කියලා නෙවෙයි. රටකට දැනුම දෙන තරුණයෙක්ව හැදෙන්න ඕනෙ. එතකොට ඒකට සමත් වෙන්න ඕනෙ ආණ්ඩුව විෂය සකස් කරන අධ්‍යාපන ක්‍රමවේදයක්. අද ඒක සමත් වෙලා නෑ. ඒක 'ෆේල්ඩ්'. වෘත්තීය අධ්‍යාපනය හැරුණාම අනෙක් සියලුම අධ්‍යාපන ක්‍රම‘‘වේදයම % ෆේල්ඩ්^. අපිට කියන්න තියෙන්නෙ, අපි ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා නෙවෙයි. ක්‍රම‘වේදය සකස් කරන්න කියලයි.
අපිව මේ විදියට පාරට බස්සවන සංස්කෘතියක් හදලා තියෙන්න කවුද? අපිට අපේ ප්‍රශ්නවලට උත්තර සොයන්න වෙලා තියෙන එකම නේද මේ ප්රශ්නවල මුල? මේ අයවැයෙන් යෝජනා කරලා තියෙනවා මේ මැදිහත්වීම්වලට එරෙහිව මධ්‍යස්ථානයක් හදනවා කියලා. මේ විදියට බදු පනවලා මේ කියන බිල් දෙන්න සැලසුවට පස්සෙ, මොන්ටිසෝරි ශිෂ්‍යයා ඉඳලා පාරට බහිනවා. සෑම සිවිල් පුරවැසියාටම එක හමුදාකාරයා ගණේ දාලා මර්දනය කරන්න වෙනවා. අපි කියන්නෙ ආරක්ෂක වියදම් වැඩි කරන එක නෙවෙයි මෙයට තියෙන විසඳුම.
ප්‍රශ්න අඩු කරන්නනම්, ඇත්ත හරි කොන අල්ල ගන්න ඕනෙ. ඉතිං ආණ්ඩුව කරන්නෙ හැමදාම පැලැස්තරයක් ගහලා සෙට් එකක් බාගන්නවා ඒගොල්ලන්ගෙ පැත්තට. ඊට පස්සෙ මාධ්‍ය හමු තියලා මෙහෙම නෙවෙයි එහෙම නෙවෙයි කියලා මෙහෙයවනවා. අපි කවදාවත් සාකච්ඡාවලට අකමැතියි කියලා නෑ. අයවැයට යෝජනා පවා අපි දුන්නා, රැකියා ලබා දෙන ජාතික ප්‍රතිපත්තියක් හදන්න කියලා. දැනුත් කියනවනෙ 32,000 ක් ගුරු පුරප්පාඩු තියෙනවා කියලා. ඉතිං බඳවා ගන්නකො ඒවාට.
ඒගොල්ලන්ට සුදුසුකම් නැතිනම් ආයේ මාස 06 ක පුහුණුවක් දීලා බඳවා ගන්නකො, කොල්ලො කෙල්ලන්ට රට යන්න තියන්නෙ නැතිව. එට්කා ගිවිසුම ගහන්නෙ නැතිව. අද ඇවිල්ලා ඇමතිවරු රට පුරා ගංජා බෙදන එකනෙ කරන්නෙ?. අපි දන්නවා රට පුරා මත්කුඩු, යාන්ත්‍රණය සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. අපි කියන්නෙ තාරුණ්‍යයේ ගෙල මිරිකන්නෙ නැතිව මේ වෙනුවෙන් ඇත්ත උත්තරයක් සොයනවා නම් අපි කතා කරමු තවදුරටත්. අපි යෝජනා තවත් දෙන්නම්. අපි කියන ඒවා නෙවේනෙ ගන්නෙ. ඒගොල්ලො ගන්නෙ ඒ අයගෙ දේශපාලන බලපෑමට තහවුරු කෙරෙන ඒවා.
නෑ.'පාර්ට් ටයිම් ජොබ්ස්' කරන අය ඉන්නවා. මොකද නිකන් ඉන්න බැහැනෙ. මෙහෙමත් ඉන්නවා, උපාධිය කළේ ශ්රාස්ත්ර‘වේදී උපාධියක්, හැබැයි එයාට පරිගණක දැනුම තියෙනවා. එතකොට එයා 'ෆොටෝකොපි සෙන්ටර්' එකක හරි වැඩ කරන අවස්ථා තියෙනවා. සමහර රජයේ රැකියාවල පවා ඇතැමුන් ස්ථිර නොවී වැඩ කරනවා.
පෞද්ගලික අංශයේ රැකියාවක් ගත්තොත් මොකක්ද තියෙන සුරක්ෂිතභාවය. ප්‍රසූත නිවාඩු දින, වැඩ කරන කාලය, වැටුප, මේ දේවල්? පෞද්ගලික අංශයේ සමහර තැන් තියෙනවා දවසට රුපියල් 2,000, 3,000, 5,000 සොයන්න පුළුවන්. 'පාට් ටයිම් ජොබ්ස්' එක මාසයක් කළත් ලක්ෂයක් විතර හොයාගන්න පුළුවන්. ඒ තිබුණත් ඒ රැකියාව සම්බන්ධයෙන් සුරක්ෂිතභාවයක් තියෙනවද? අපි තේරෙන භාෂාවෙන් ගත්තොත් ප්‍රසූත නිවාඩු තියෙනවද? ඉතිහාසයේ කම්කරුවො ලේ මතින් දිනාගත්ත විශ්‍රාම වැටුප් තියෙනවාද? එතකොට ඔය දායකත්ව විශ්‍රාම වැටුප් කියලා ගේන්න හදන්නෙ මොනවද? ලෝකය පුරා අසාර්ථක වූ ක්‍රම ඒවා. පෞද්ගලික අංශයට රැකියා කරන්න යන්න මේ උපාධිධාරීන් සුදානම්. හැබැයි ඊට අදාළ දේවල් සපුරන්න පෞද්ගලික අංශය සුදානම්ද?
අඩු තරමෙ වැඩ කරන කාලය සම්බන්ධයෙන්, ගන්නා ශ්රමයට අදාළව ගෙවන වැටුප දැන් රුපියල් 2,500 වත් වැඩි කළාද? විශ්‍රාම වැටුපක් හෝ ඒ සම්බන්ධව තිබෙන ක්‍රම‘වේදය කොතෙක් දුරට නිරවුල්ද? ප්‍රසූත නිවාඩු වගේ මානුෂීය දේවල් සම්බන්ධයෙන් රජයේ රැකියාවල තියෙනවා ක්‍රම‘වේදයක්. ඒ වගේ දේවල්, රැකියාවෙන් පහකළොත් ඒ සම්බන්ධයෙන් පෙනී සිටින්න පුළුවන්ද? වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානය වෙන්න පුළුවන්ද? රැකියාව අයිතියක් විදියට පිළිගන්න පෞද්ගලික අංශය කැමතිද? ඒවා සපුරන්න කැමතිනම් ගැටලුවක් නෑ.
අපි ළඟ තියෙනවා දිගු කාලීන අදහස් හා කෙටි කාලීන අදහස් එය සම්බන්ධව. දිගු කාලීන යෝජනාවල එකක් තමයි ජාතික වැඩපිළිවෙළක් සකස් කරන්න කියන එක. අපි යෝජනා කරලා තියෙනවා. ඒ ගැන සාකච්ඡා කරන්නත් අපි කැමතියි. පසුගිය චින්තන ආණ්ඩුව ගත්තොත් 52,000 දීපු එකේ පවා දැඩි අක්රමිකතාවන් තියෙනවනෙ. ඒ තියේද්දීත් අපි කිවුවා කතා කරමු කියලා. මේ ආණ්ඩුවෙත් අගමැති පත්කළ කමිටුවක් තිබුණා. යෝජනා දුන්නා, කිසි දෙයක් සිදුවුණේ නැහැ.
ඔව්. ඒක බාර ගන්න සූදානම්. හැබැයි පෞද්ගලික අංශයේ වුණත් රැකියාලාභියාට සුරක්ෂිතභාවයක් තියෙන්න ඕනෙ. පොදුවේ ගත්තොත් රැකියාව අයිතියක් කියන එක ඔවුන් පිළිගත යුතුයි. ජීවිතය පරදුවට තියලා රැකියාවක් කරන එක නෙවෙයි, ජීවිතේ තෘප්තියක් එක්ක රැකියාව කරන්න පුළුවන් නම් පෞද්ගලික අංශය ඇතුළෙ රැකියා කරන්න උපාධිධාරීන් සුදානම්.
“විශ්වවිද්‍යාල වලට සිසුන් බඳවා ගැනීමේදී රජය විශාල වියදමක් දරනවා. හෝඩිය වසරට ඇතුල් වෙලා උසස් පෙළ කරනතුරුත් පසුව විශ්වවිද්‍යාල වලට ආවට පසුවත් රජය විශාල වියදමක් දරනවා. එතකොට තර්කයක් ගොඩනැගෙනවා තමා විසින්ම නිෂ්පාදනය කරනු ලබන මානව සම්පත නැත්නම් උපාධිධරයාව රටේ සංවර්ධනයට නොපමාව යොදවා ගන්න රජයට වගකීමක් තියෙනවා කියලා.
විශාල ආයෝජනයක් කර නිෂ්පාදනය කරන උපාධිධරයාව වැඩි කාලයක් වැය නොකොට රටේ සංවර්ධන ක්‍රියාවලියට නොපමාව යොදාගත යුතුයි කියන එක. ඒක රැකියාවක් වීමම කියන තැනට ලඝු වන අදහස නොවෙයි එතන තියෙන්නේ. හුදු රැකියාවක් ලබාදීමට නෛතික බැඳීමක් තියෙනවට වඩා එතැන තියෙන්නේ තමා විසින්ම නිෂ්පාදනය කළ, හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ උපාධිධාරියාව රටේ ජාතික සංවර්ධනයට වහාම යොදාගන්න ඕනෑය කියන එකයි.
ඒක ඔහුට වරප්‍රසාදයකට වඩා ඔහුව රජයේ සංවර්ධන ක්‍රියාවලියට යොදා ගැනීමේ රජයේ කටයුත්තක් ලෙසයි විය යුත්තේ. ඒක නරක නෑ. එහිදී උපාධිධාරියා රටේ කුමන හෝ සංවර්ධන ක්‍රියාවලියකට සම්බන්ධ වීමේ හැකියාව ඇති අයෙකු වෙන්න ඕන. ඒ කියන්නේ රාජ්‍ය සේවය හෝ පෞද්ගලික සේවයද කියන එක ගැටලුවක් නෑ. ඕනෑම තැනකට උපාධිධරයාව උරාගත හැකි ගුණාත්මකභාවයක් ඔහුට තිබිය යුතුයි.
ඒක නිසා තමයි කියන්නේ උපාධිධාරියා වහාම ප්‍රතිසංස්කරණය කරන්න ඕන කියලා. රජය අසවල් තැනකට යොදවන එක වෙනුවට විශ්වවිද්‍යාලයෙන් ඉවත් වනවිටම ස්වාධීනව පෞද්ගලික හෝ රාජ්‍ය අංශවල තමා ඉගෙන ගත් දේ යෙදවිය හැකි රැකියාවක් තෝරාගත හැකි වර්ගයේ කෙනෙක් බවට උපාධිධාරියා පත්විය යුතුයි.
නමුත් විශ්වවිද්‍යාලවලින් එහෙම බිහි නොවන බව උපාධිධාරීනුත් හොඳින් දන්න නිසා තමයි බොහෝ වෙලාවට රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය කියලා එකක් බිහිකරගෙන රජයේ ඇඟේ එල්ලෙන්නේ. ඒ වගේම ඒකට සුළු දේශපාලන පක්ෂ තමා රටේ ජීවත් වන බව පෙන්වන්න මේ අය යොදා ගන්නවා. ඒකට පිළිතුරු තමයි වහාම ඕනෑම තැනකට ගැළපෙන ආකාරයේ ගුණාත්මකභාවයෙන් යුක්ත උපාධිධාරියෙක් බිහිකිරීමේ වගකීම ගන්න එක. මෙයට නිසි පිළිතුරක් දෙන්න රජයට හැකිවෙන්නේ එවැනි වැඩපිළිවෙළකට ගියොත් විතරයි.
මොකද මේ අය දන්නවා තමාට තනිවම, ස්වාධීනව සොයාගෙන යන්න ආයතන නෑ. තිබුණත් තමන් දන්නෙ නෑ. එවැනි දෙයක් සොයා ගත්තත් තමා දන්නවා තමා එයට සුදුසු නෑ සහ වගකීම දරන්න තමාට ආත්ම ධෛර්යය නෑ කියන එක. ඒ නිසා රජයෙන් දෙන දසදහසේ පරිවාසික හෝ කාර්යාලයක රැකියාවකට ඒ අය වැඩි බරක් තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. නමුත් අපි පිළිගන්නවා උපාධි රැගෙන මේ අය ගෙදර ඉන්න ඉන්න රජයට පාඩුයි. රටට පාඩුයි.
මේ රැකියා විරහිත උපාධිධාරීන් කල්පනා කළ යුතුයි ඒ අය ශිෂ්‍ය අවධියේ සිටින විට විශ්වවිද්‍යාල වලට නව පාඨමාලා හඳුන්වා දෙන විට උද්ඝෝෂණ කරන්නෙත් ඒ අයමයි කියලා.
'අපිට එපා IT, අපිට එපා ඉංග්‍රීසි' කියලා ඍජුව කියන්නේ නැති වුණාට කරන වැඩවලින් පෙන්වනවා ඒවා ගන්න සූදානම් නෑ කියලා. එක්කෝ කැට හොල්ලන්න යනවා. එහෙම නැත්නම් උද්ඝෝෂණ කර කර ඉන්නවා. පැමිණීමේ සියයට අසූව දානකොට ඒකට විරෝධය දක්වනවා. දැන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, ශිෂ්‍ය සංගම් සියල්ලම සියයට අසූව දානවට විරුද්ධයි. ඒ වගේම සී.සී.ටී.වී. කැමරා දාලා අධීක්ෂණය කරන්න යනවිට, නවීකරණය කරන්න හදන විට ඒකට විරුද්ධයි. එහෙම නවීකරණය කරන්න යන්නේ ශිෂ්‍ය ජීවිතය වඩාත් ශක්තිමත් කරන්නනේ. හැබැයි ශිෂ්‍ය කාලයේදී ඒ අය ඒවට විරුද්ධ වෙනවා.
පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් එන ළමයි එක්ක ගත්තම රජයේ විශ්වවිද්‍යාලවල ළමයි ඉතා පහළ මට්ටමක සිටින්නේ. පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් එන කිසිදු ළමයෙක් රැකියා විරහිත උපාධිධාරී සංගම් පිහිටුවලා තියෙනවා දැකල තියෙනවද? මොකද ඒ ළමයි ඉගෙන ගන්න කාලයේ සර්ව දැනුමක් ලබා ගන්නවා. පාඨමාලා ඉතා තදයි. ඒ අයට තොරතුරු තාක්ෂණය, ජාත්‍යන්තර සබඳතා, කළමනාකරණය යන මේ සියල්ලම පුළුවන්. ඒ ළමයින්ට ලක්ෂ දෙක තුනක වැටුපකට ඕනෑම ස්ථානයක රැකියාවක් කරන්න පුළුවන්. ඒ ළමයි හොඳ පිළිවෙළකට ඉන්නවා. වැද්දො වගේ නොවෙයි.
ඒ නිසා ඒ අයට පුළුවන් වෙලා තියෙනවා රැකියා වෙළෙඳ පොළ ජයගන්න හැකි වන විදියට වැඩකරන්න. මේ ගොල්ලො ඉන්නකම්ම රස්තියාදු ගසමින් ඉන්නවා. අලුත් ලෝකයට යන්න කිසිම සූදානමක් නෑ. අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ දුර්වලකම ඒක. රජය දෙන්න හදනවා උපරිම මුදල්, නේවාසිකාගාර හදලා තියෙනවා. ලැප්ටොප් පරිගණක දුන්නා. වයිෆයි දීලා තියෙනවා. විශ්වවිද්‍යාල සියල්ලටම එහෙම තියෙද්දිත් ගුණාත්මකභාවයට අදාළ යෝජනා ගෙනෙද්දි ඒ අයම විරුද්ධවෙලා ඔරලෝසු කණු යට රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගම් හදාගෙන විරෝධතා කරනවා. අයියලා අක්කලා හැටියට ඒ අය වහාම පහළ ඉන්න නංගිලා මල්ලිලාට උපදෙස් දෙන්න ඕන, උද්ඝෝෂණ කරනවා වගේම හරියට ඉගෙන ගන්න කියලා. ලෝකයේ ඉල්ලුමට සරිලන විදියට නවීකරණය වෙන්න කියලා"
උපාධිධාරී තරුණ පිරිස් මෙවැනි තත්ත්වයකට පත්වන්නේ ඇයිද යන්න විග්රහ කළ යුතුව තිබෙනවා. බොහෝ රජයන් වසර 3-4කට වරක් හෝ මැතිවරණයක් ඉදිරියේ තිබෙන අවස්ථාවකදී උපාධිධාරීන්ට රැකියා ලබාදෙන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව අපි දන්නා අත්දැකීමක්. නමුත් එය කොතරම් ඵලදායී ක්‍රියාවලියක්ද යන්න ප්‍රශ්න කළ යුතුයි.
මේ සම්බන්ධයෙන් ගතයුතු නිවැරදි ක්‍රියාමාර්ගය නම් ජාතික රැකියා ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමයි. එනම් උපාධිධාරීන් සඳහා ජාතික ප්‍රතිපත්තියක් තුළ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් සඳහා යායුතු කාලය එළඹ තිබෙනවා. රටේ ආර්ථික ක්‍රියාවලිය සඳහා සක්‍රීය දායකත්වය දිය හැකි අධ්‍යාපන රටාවක් නිර්මාණය කරමින් උපාධියෙන් පසු ඔවුන් සඳහා රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් ලබාගැනීමේ අවස්ථාව උදාකර ගැනීමට අවශ්‍ය පරිසරය සැකසීම රජයේ කාර්යභාරයයි.
දැනටමත් අප අමාත්‍යාංශය වෘත්තීය පුහුණු හා තාක්ෂණ අංශයේ පාඨමාලා නවීකරණය කරමින්, රටට අවශ්‍ය ශ්‍රම බළකාය සඳහා වන පරිසරයක් නිර්මාණය කරමින් සිටිනවා. එමගින් පුහුණුලාභීන්ගේ අභිලාසයන්ට අනුව රැකියාවක් තෝරාගැනීමේ අවස්ථාව ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.
රටේ ආර්ථික ක්‍රියාවලියට දායක විය හැකි අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම තුළ දේශපාලනඥයන් විසින් රැකියා ලබාදීමේ ක්‍රමය වෙනස් කිරීමටත්, රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ගේ ආත්ම ගරුත්වය රැකගනිමින් තමන්ට රිසි රැකියාවක් සොයාගැනීමේ වටපිටාවක් නිර්මාණය කර ගැනීමටත් හැකිවෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd