හම්බන්තොට මහෙස්ත්රාත් අධිකරණය මගින් අත් අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (28) දින උදෑසන මාළදිවයින බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංච් මාර්ග ද සනාථ කළේය .
ඔහු 07/28 දින උදෑසන 07.30 ට මාළදිවයින මාළේ නුවර බලා ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ .
මෙම ගුවන් යානයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ශ්රී ලංකා දූත පිරිස ද , තුන් දින නිල සංචාරයක් සදහා මාළදිවයින මාළේ නුවර වෙත ගමන් ගෙන තිබේ .
කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ අධිකරණ නියෝගය නිකුත් වී ඇත්තේ 07/28 දහවල් කාලයේ වන අතර ඒ වන විටත් ඔහු මාලේ නුවර බලා පිටත්ව ගොස් තිබුණි.