ගතවු දින කීපය තුළ රටපුරා සිදු කෙරුණු ආහාර අලෙවි සැල් සහ ගබඩා වැටළීමේදී මහජන සෞඛ්‍යයට අහිතකරවන අන්දමින් කටයුතු කළ ස්ථාන සිය ගණනාවක් වැටලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයට හැකි විය.එම වැටලීම් සම්බන්ධයෙන් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා විමසුවෙමු.
Q කවදාවත්නැතිව මේ තරමට මෙතරම් විශාල තොග අහුවෙන්නේ ඇයි?
කූට ව්‍යාපරිකයන් උත්සාහ කරන්නේ කෙසේ හෝ අඩු ආයෝජනයකින් වැඩි ලාභයක් ලබාගැනීමටයි. ඒඅය කරන්නේ අඩු මුදලට නරක්වු ආහාර තොග මිලදී ගන්නවා.නැත්නම් ගෙන්වනවා. නරක්වූ ඒවා ඉවත් කරනවා.අනෙක් ඒවා වෙළෙදපොළට යවනවා. පාරිභෝගිකයා ඒවා ගෙදර ගෙනිහින් දවසක් දෙකක් යනකොට සේරම නරක්වෙළා.ඒ නරක්වු ඒවා ස්පර්ශවීම නිසා.විශේෂයෙන්ම අල, බීලූනූ, රතුලූනු වල මේ තත්ත්වය තියෙනවා.සැමන් කරවල ධාන්‍ය වැනි ඇසුරුම් කළ ඒවායෙත් එහෙම වෙන්න පුළුවන්.
Q තත්ත්වයෙන් හෝ ප්‍රමිතියෙන් අඩු ආහාරපාන ගැන ඔබ කතා කළා?
මෙහෙම කියමුකො.මීකිරි නිෂ්පාදනය ගැන හිතන්න. පවතින ප්‍රමිතිය අනුව එළකිරිවල තිබිය යුතු මේදය ප්‍රමාණය 5% යි. මීකිරි වල තිබියුයුතු ප්‍රමාණය 7.5% යි.එහෙම වුණාට අපගේ පරීක්ෂණයන්හිදී අනාවරණයවී තිබෙනවා වෙළෙදපෙළේ තිබෙන බොහෝ මීකිරිවල එවැනි ප්‍රතිශතයක් නැතිබවට.හේතුව කිරිවලමේද ප්‍රමාණය ඉවත්කර එයින් එළගිතෙල්වැනි මිල අධික දේ නිෂ්පාදනය කරනවා.කිරිමිදෙන්නට විවිධ කෘතිම දේ යොදනවා.
Q නමුත් ලේබලයේ එවැනි ප්‍රමාණයන් අඩංගුබව ප්‍රකාශ වෙනවා?
ඔව්.නිෂ්පාදකයාට අවශ්‍ය හැටියටනෙ ලේබලය හදාගන්නෙ. ඇත්තෙන්ම අපේ රටේ ජනතාව තවමත් ලේබලය පිළිබද නිසි හැදෑරීමක් කරන්නේ නැහැ කියන එක අවධාරණයෙන් කියන්න අවශ්‍යයයි.මෙවැනි ව්‍යාජ යැයි හෝ අඩු ප්‍රමිතියක් පිළිබද යම් ආහාර ඇසුරුමක් ගැන දැනෙන්නේ නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දෙන්න කියන එකයි අපේ ඉල්ලීම.
Q ලේබල් සැකසීමේදී පිළිගත් සම්මතයක් තියෙනවාද?
ඔව්.අපේ රටේ ලේබලයක අන්තර්ගතවිය යුතු වැදගත් අංශ තුනක් තියෙනවා.එකක් එහි අන්තර්ගතය සම්බන්ධයෙන් නිෂ්පාදිත දිනය,කල්ඉකුත්වනදිනය,කාණ්ඩ අංකය, බර,අලෙවි මිල අදිය එහි දැක්වෙනවා.දෙවන කොටසවන්නේ අවසර ගෙන ඇතුළත් කළ යුතු අවශ්‍යතාවයන්ය.වෛද්‍ය උපදෙේ මත පමණක් ඇතුළත් කළයුතු දේයි.උදාහරණයක් ලෙස එහිදී ප්‍රොටීන් බහුල බව හෝ වෛද්‍ය නිර්දේශ මත භාවිත කළයුතුයි වැනි උපදෙස් දැක්විය හැකියි.අනෙක ලේබලයක කිසිම විටෙක ලෙඩකට සුදුසුයි හෝ හෘදරෝගවලට හොදයි හෝ ඇග කෙට්ටු කරයි යනුවෙන් ඇතුළත් කිරීමත් වරදක්.ආහාර බාලකිරීමත් අද නිතර සිදුවන දෙයක්.
Q ඒ කිව්වෙ?
.ව්‍යාජ මිශ්රණයන් සමග සැකසුණු ආහාරද්‍රව්‍ය වෙළෙදපොළ ඇතිබවට චෝදනාවක් තියෙනවා.පොලේතෙල් ගනිමුකො.පපඩම් බැද්දට බලාපොරොත්තු විදිහට බැදෙන්නෙ නැතිනම් ඒවා පිරිසිදු පපඩම්ද කියන එක සැක කරන්න. පාම් ඔයිල්වැනි ආදේශක භාවිත වෙන්න පුළුවන්.අවශ්‍ය උෂ්ණත්වය ලැබෙන්නෙ නැතිනම් නියම ප්‍රමිතිය ඒ තෙල්වලින් ගන්න බැහැ.පොල්තෙල් ශීතකරණයක තියන්න.කොටස් දෙකට තෙල් මීදි තිබෙනවා නම් එයත් බාල කිරීමක්.ගමිමිරිස්වලට පැපොල් ඇටදානවා.මිරිස්කුඩුවලට හාල්පිටි හෝ පරණ පාන් කුඩු කර එකතුකරනවා.වර්ණ ගැන්විමට පිළිකාකාරක වර්ණක එකතු කරනවා.
රතුකැකුළු හාල් වර්ණ ගන්වන්න හාල්වලට Rodamin-B එකතුකරනවා. කහ වැනි දේට Meth/Yellow කියන කෘතිම වර්ණක එකතු කරනවා. ගතවු දිනවල මෙවැනි සිද්ධීන් ගණනාවකට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත්තා.
Q ඇතැම් ආහාර කල්ඉකුත්වීමේ දිනය ඉදිරියටත්තිබියදී වෙනස් රසයක් හෝ පුස් ඇතිවන්නේ ඇයි?
.ඒ ආහාර ගබඩා කිරීමේදී පවතින නොසැලකිල්ල නිසා බව පළමුව කියන්න අවශ්‍යයයි.ආහාරයක් ගබඩා කිරීම එහි දක්වා ඇති උපදෙස් අනුව කළ යුතුයි. උදාහරණයක් හැටියටසිසිල් හෝ වියළි තැනක තියන්න.එහෙම නොවෙන තැනක මෙහෙම අඩුපාඩු දකින්න පුළුවන්.සමහර වෙළෙද ආයතනවල අධිශීතකරණ රාත්‍රියට අක්‍රිය කරනවා.වායුසමීකරණය රාත්‍රියට ඕප් කරනවා.එහෙම වුණාම දවසේ පැවැතිය යුතුනියමිත උෂ්ණත්වය හෝ ශීත තත්ත්වය සමානව පවතින්නේ නැහැ.එවිට ආහාර නරක්වෙනවා.අයිස්ක්‍රීම්, යෝගට්, කේක්වර්ග ආදිය නරක්වී පුස් හැදෙන ඉඩකඩ වැඩියි.
Q සුපිරි වෙළද සැල්වල මෙහෙම වැරදි වෙන්නෙ නැද්ද?
අපේ අත්අඩංගුවට ගැනීම්වල හැටියට රජයේ සමහර ආයතනවල ගබඩාවලත් මෙහෙම වෙලා තියෙනවා.නමගිය සුපිරි වෙළදසැල්වලත් ඒ දේ වෙනවා.
Q එහෙම නම් අපි කවුරුන් ගැනද විශ්වාස කරන්නෙ?
අන්අය අවිශ්වාස කරන්න අවශ්‍ය නැහැ.මිලදී ගැනීම්වලදී ඔබ ගැන ඔබ විශ්වායක් ඇති කර ගන්න.ඒ පවතින පාරිභෝගික රටවා තුළ තමන්ට ඇතිවිය හැකි උපද්‍රව වෙනුවෙන් වගකීමෙන් සොයා බැලීමට ඔබට තියෙන අයිතිය පාවිච්චියට ගන්න.