Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
විවිධ තැන්වල බුදුපිළිම තැන්පත් කිරීම සහ ආගමික ස්ථානයන් ඉදිකිරීමේ ස්වභාවයක් තිබෙනවා. මේ පිළිබඳව අප මහානායක හිමිවරුන්ගේද අවධානය යොමුව තිබෙනවා. පොදුවේ සඳහන් කළ යුත්තේ මොන දේ කළත් එය බුදුදහමේ ගරුත්වයට හානියක් නොවන ලෙස කළ යුතු බවයි. එසේම එම ස්ථානය විධිමත්ව නඩත්තු කිරීම,මල් පහන් පූජා කිරීම ඇතුළු ආගමික වත්පිළිවෙත් සම්බන්ධයෙන්ද සතුන් සිවුපාවුන්ගෙන් සිදුවන අපිරිසුදු දේ වැළැක්වීමද මෙහිදී තවදුරටත් අවධාරණය කළ යුතුයි.
උතුරු නැගෙනහිර පන්සල් හෝ පිළිම වහන්සේලා අලුතෙන් ඉදිකරනවා හෝ පිහිටුවනවා යනුවෙන් කෙරෙන චෝදනා සියුම්ව විමසිය යුතු කරුණක්. මන්ද උතුරු-නැගෙනහිර එදා තිබුණු බෞද්ධ නෂ්ටාවශේෂ පුරාවිද්‍යා ස්ථාන සහ විහාරස්ථාන ආශ්‍රිතව මිස එයින් පිටත එවැනි කටයුතු අයථා ආකාරයෙන් සිදු කර නැහැ.
නමුත් ඒවායේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිලධාරීන් රැඳවීම සිදුවෙනවා. ඔබට මතක ඇති මීට මාස කිහිපයකට පෙර කිසියම් පිරිසක් චෛත්‍යයක් ඇතුළු නෂ්ටාවශේෂ නටබුන් කළා. ගත වූ කාලයේ රට පුරා බෞද්ධ සිද්ධස්ථාන නටබුන් විනාශ කිරීමේ යටි සැලසුමක් දියත් වුණා.
මෙහෙමයි. යුද්ධය නිසා එවැනි ස්ථාන ත්රස්තවාදීන් විනාශ කළා. එන්ජීඕ බලපෑමෙන් තවත් ස්ථාන විනාශ කළා. අන්‍ය ආගම් විසින් ජනපද මුවාවෙන් තවත් ඒවා විනාශ කළා. ඉතා දුෂ්කර තත්ත්වයන්ගෙන් ගත වූ කාලයේදී බොහෝ විහාරස්ථාන පවත්වාගෙන ආවා.
එහිදී කෘෂි කර්මාන්තය සමග බැඳුණු ජනජීවිතය තුළ කෘෂි වගා හීනවීමත් සමග හෝ වෙනත් ආර්ථික අවශ්‍යතා සඳහා පදිංචිකරුවන් ප්‍රදේශයෙන් ඉවත්වීම සමග එම ස්ථානයන් අභාවයට ගියා. සමහර තැන්වල ළමයි නැතිව පාසල් වැහුණා. පොදුවේ ගමේ තරුණ පරපුර සමාජ ආර්ථික අර්බුද සමග ගමෙන් පිටට යෑමත් සමග පාසල් වැහුණා වගේම දායකයන් අඩුවෙන විට විහාරස්ථාන වැසී ගියා. මෙම සංක්‍රමණය තුළ ගම තනි වෙනවා. මේ සඳහා තවත් සමාජ හේතු බලපෑවා.
පැවිදි කිරීමට දරුවන් නැති එක ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බව ඇත්තයි. අෙනක පැවිදිව ගම්බද පළාත්වලට ගියත් අවශ්‍ය අධ්‍යාපන හෝ වෙනත් අවශ්‍ය පහසුකම් ගමේ නොමැති අවස්ථාවලදී එම හිමිවරු එතැනින් ඉවත් වෙනවා. එවිට ඔවුන් නැවත ගමට එන්නේ නැහැ. දානය පිළිබඳ ප්‍රශ්න මතු වෙනවා.
ඒ නිසාම ඈත පිටිසර දුෂ්කර ගම්මානවල විහාරස්ථාන සඳහා බොහෝවිට යන්නේ වයස්ගතව පැවිද්ද ලබාගත් භික්ෂූන් වහන්සේලා. ඒ නිසා ඒ අයට බුදු දහමේ මූලික දැනුම පමණයි ඇත්තේ. එය ප්‍රමාණවත් නැහැ. ආගමික වතාවත් ඉටුකර දීමට ගිහියන් වෙනුවෙන් මැදිහත්වීම පමණයි එතැනදී සිදුවන්නේ. ඒකත් විහාරස්ථාන වැසී යෑමට එක් හේතුවක් වෙනවා.
දරුවන් පැවිදි කිරීමේදී යම් කිසි නීතිරීති තිබෙනවා. අපි ඒවාට ගරු කළ යුතුයි. බුදුරජාණන් වහන්සේත් එය අවධාරණය කර තිබෙනවා. අප දකිනවා දැනුම තේරුම සහ ශ්‍රද්ධාව යන සීමාවන් තුළ සිවුරු දරා ගැනීමට සුදුසු තත්ත්වයක සිටින අය එම ශ්‍රද්ධා භක්තිය ඇත්නම් පමණක් පැවිදි කළ යුතුයි කියන කාරණය පිළිබඳ.
ඉස්සර අවුරුදු 15දී පැවිදි කළා. නමුත් කුඩා දරුවන් දෙදෙනෙකු පැමිණ තමන් පැවිදි කරන්න යැයි ඉල්ලා අඬා වැටුණා. එයින් පසු බුදු හිමි ආනන්ද හිමියන්ට ඒ සඳහා අවසරය දුන්නා. ඒ ක්‍රමය තවමත් සම්ප්රදායක් ලෙස පවතිනවා.
මෙතැනදී ප්රශ්නය අප දැකිය යුත්තේ මෙහෙමයි. පැවිදි කරවීමට නම් ඒ සඳහා දැනුම තේරුම සහ එම අවබෝධය ලබාගත හැකි අය පමණක් පැවිදි කළ යුතු බව අප තේරුම් ගතයුතුයි.
සාමෙණ්ර යන වචනයේ තේරුම ශ්රමණයන් වහන්සේගේ පුත්‍රයා යන අදහස දෙනවා. එතැනදී ගුරු හාමුදුරුවන් පියා ලෙසත් කුඩා හාමුදුරුවන් පුතා ලෙසත් පිළිගැනීමට ලක්වෙනවා. ඒ නිසා පියෙකු තම දරුවන් රැකබලා ගන්නා ආකාරයෙන් එම සාමෙණ්ර හිමිනම රැබලා ගැනීමේ වගකීම ගුරු හිමියන්ට පැවරී තිබෙනවා.
එසේම වයස සමග ආකල්ප වර්ධනය කිරීම පිළිබඳ වගකීම පැවිදි කරවන ගුරු හාමුදුරුවන්ගේ වගකීමක්. වත්පිළිවෙත්, හැසිරීම, විනය, ඇවතුම්, පැවැතුම් ආදී මේ හැම දෙයක්ම සාමෙණ්ර හාමුදුරුවරුන්ට ඉගැන්වීම ගුරු හාමුදුරුවන්ගේ වගකීමක් වෙනවා. එය බුදුහිමියන් විසින් සේඛියා යනුවෙන් දක්වා තිබෙනවා. එහිදී තමන් වැසිකිළිය භාවිත කරන ආකාරය, අතේ ඇඟිලි අතරින් නොයන ලෙස ආහාර අනුභවය,දත් මැදීම වැනි කරුණු පවා කියා දෙනවා.
වරක් සැරියුත් හිමියන්ගේ සිවුරු බිම ගෑවෙන බව උන්වහන්සේ දැන ගත්තේ සාමණේර හිමිනමක් පෙන්වා දීමෙන් පසුවයි. ඒ කියන්නේ එය එසේ නොවිය යුතු බව ඒ වන විට සාමණේර හිමිනමට උගන්වා තිබුණා.
අදත් එදා මෙන්ම ඉන්දියාවේ ප්‍රධාන මාර්ග අයිනේ මලපහ කරනවා. එදා බුදුන් වහන්සේගේ කාලයේත් ඒ දේ තිබුණා. නමුත් සිදුහත් කුමාරයා හැදෙන්නේ රජ මාලිගයක. ඒ නිසා හොඳ නරක සහ වත්පිළිවෙත් පිළිබඳ පුහුණුව කුඩා කාලයේම රජමැදුර තුළින් ලැබුණා. ඒ දේ උන්වහන්සේ බුද්ධ ධර්මය ව්‍යාප්ත කිරීමේදී තම අනුගාමිකයන්ටද යොදා ගත්තා.
ටෙලිනාට්‍යවල මේ සාමණේර චරිත නිරූපණය සීමාව ඉක්මවා හෝ ගරුත්වයට හානිකර ආකාරයෙන් විකාශයවීම දකින්ට තිබෙනවා. එය එතරම් හොඳ දෙයක් නොවේ. එතැනදී යම් නිර්මාණයකට පෙර ඒ සම්බන්ධයෙන් විනයධර භික්ෂූන් වහන්සේලාගෙන් සැකහැර දැනගැනීම වැදගත්. බොහෝ ජනමාධ්‍ය විසින් සංස්කෘතික හරයන් විකෘති කර දක්වනවා. මෙවැනි දේ විකාශය කිරීමද සමාජය විකෘතිතාව සඳහා පෙළඹවීමක්.
තමන්ට ලැබෙන පිණ්ඩපාතය ලබාදී හෝ තමන්ගේ දෙමවුපියන් රැකගන්න යනුවෙන් බුදුන් වහන්සේ පෙන්වාදී තිබෙනවා. ඒ නිසා චීවරය තුළ රැඳී එය සිදුකිරීමේදී යම් අපහසුතා තිබුණත් මෙවැනි පිළියම් ඇති බවද සිහිපත් කළ යුතුයි.
බොහෝ තැනකදී භික්ෂූන් වහන්සේලා පැවිදි වීමට හෝ විහාරස්ථාන අතහැර යෑමට විහාරස්ථාන අභ්‍යන්තරයෙහි ඇතිවූ යම් යම් ගැටුම් බලපෑවා. නායකත්වය සමග හෝ වෙනත් සම්පත් සම්බන්ධ ප්‍රශ්න එහිදී ඉවහල් වුණා.
සමහර දායකයන්ද ලොකු හාමුදුරුවන් සහ අනෙක් හාමුදුරුවරුන් අතර තමන්ගේ වාසිය සඳහා ෙභ්ද ඇති කරවන අවස්ථා තිබෙනවා.ඒ නිසා දායකයන්ද මෙවැනි ෙභ්දකාරී කටයුතුවලින් ඉවත්ව කටයුතු කිරීම වැදගත්.කේළාම් හෝ ගැටුම් උත්සන්න වන තැන දක්වා නොමනා මැදිහත්වීම් නොකළ යුතුයි.
කොහොමත් යමක් කමක් ඇති පවුල්වල අය තම දරුවන් ශාසනයේ පැවිදි කරවන අවස්ථා විරලයි. මධ්‍යම හෝ දිළිඳු පවුල්වල අය ඒ ශාසන මෙහෙවරෙහි ඉදිරියෙන් ඉන්නවා. නමුත් දානයක් දෙන්නට යැයි කියා &අපිට හාමුදුරුවරු පනහක් ඕනෑ, හැටක් ඕනෑ* යැයි වැඩියෙන්ම ඉල්ලා සිටින්නේද මේ ධනපති පන්තියේ අයයි. සමහරවිට එකම දිනයක දාන පිංකම් දෙකක් වුණොත් ඒ ඉල්ලන ප්‍රමාණය දෙන්න භික්ෂූන් වහන්සේලා නැහැ. එහෙම නොහැකි වූ විටත් විහාරස්ථානය සමග ඒ අය අමනාප වෙනවා.
බොහෝවිට හාමුදුරුවරුන් අසනීප වන අවස්ථාවලදී වයසට යනවිට ඇප උපස්ථානයට තමන්ගේම පවුල්වල අය ශිෂ්‍යයන් ලෙස පැවිදි කර ගන්නවා. ඒ නිසා පවුල්වල අය පැවිදි කර ගැනීමේදී යම් මූලිකත්වයක් ලබාදෙන බවට තිබෙන කතාවේ පදනම ඒකයි. එතැන වරදක් නැහැ. වරද ඇත්තේ ඒ අය ක්‍රියාත්මක වන ආකාරය අනුවයි.
ඇතැම් තැනක ශිෂ්‍ය ගෝල, ඥාති ගෝල යනුවෙන් දෙන්නෙක් පැවිදි කිරීම නිසා පසුව විවිධ අර්බුද මතුවන බවට වාර්තා වෙනවා.
එතැනදී යම් අර්බුද මතු වූ අවස්ථා තියෙනවා. නමුත් භික්ෂූන් වහන්සේලා හැටියට යහපත් පැවිදි පරම්පරාවක් සම්පාදනය කිරීම උදෙසා අපට වගකීමක් තිබෙනවා. ඒ නිසා අපි කුල දරුවන් පැවිදි කරනවා. ඇවෑමෙන් නායකත්වය හිමිවීමේදී පළමුව උපසම්පදාව ලැබූ අයට එම තනතුර ලැබෙනවා.
එතැනදී උපසම්පදාව සඳහා පළමුව ලියාපදිංචිය ලැබූ අයගේ නම විහාරාධිපති ලෙස පිළිගැනීමට ලක්වෙනවා.
දැන් අපි කියන්නේ දැනට නායක හිමිවරුන් දෙන්නෙක් හිමිකම් ඉදිරිපත් කරනවා නම් ඒ අයට වෙන වෙනම දෙන්නෙක් නැතිව එක් අයෙකු ශිෂ්‍යභාවයට පැවිදි කරගන්න කියන යෝජනාවයි. එතැනින් ඒ අර්බුදය අවසාන වෙනවා.
මේ කරුණ සෑම භික්ෂූන් වහන්සේ නමකටම අදාළ වැදගත් දෙයක්. ඒ ඒ නිකායන්හි අදාළ නායක හාමුදුරුවරුන්ගේ නිර්දේශය අනුව ලියාපදිංචිය ලබාගත යුතුයි. එය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා යටතේ සිදුකළ යුතුයි. එය පැවිද්ද ලබාගත් දිනයේ සිට කළ යුතු දෙයක්.
පළමුව භික්ෂුවක් ලෙස ඒ පුද්ගලයා හඳුනා ගැනීමට එය ඉවහල් වෙනවා. දෙවැනුව යම් අයෙකු එවැනි හැඳුනුම්පතක් නොමැතිව සිවුරු දරන්නේ නම් ඒ අය අත්අඩංගුවට ගැනීමට නීතිමය හැකියාව තිබෙනවා.
මහමග සිඟමන් යදින, වංචාකාරී අයුරින් මුදල් එකතු කරන, යම් අපරාධ දූෂණවලට සම්බන්ධ භික්ෂූන් පිළිබඳ පුවත් ඔබ අසා ඇති. එමෙන්ම භික්ෂුව නමැති ගෞරවනීය චරිතය කෙළෙසන ඇතැම් චීවරධාරීන් යම්යම් දූෂණ කටයුතු සිදුකරන අයුරු දැකගත හැකියි.
සමහරවිට පැවිද්දෙන් මාස පහ හයක් යනතුරු ලියාපදිංචිය පමා කරනවා. ඒ මේ අය පැවිදි බවට සුදුසුද? චීවරය දරයිද ආදී වශයෙන් මූලික විමර්ශනයක් ලෙස. එතෙක් ලියාපදිංචිය හිතාමතා පමා කිරීමේ වරදක් නැතැයි උන්වහන්සේලා හිතනවා ඇති. අනෙක එහෙම ලියාපදිංචිය කොතැනක හෝ ගිලිහී ගියොත් එය උපසම්පදාව දක්වා විතරක් නෙවෙයි, වෙනත් නෛතික කටයුතු දක්වා පවා විශාල බලපෑමක් විය හැකියි.
උපසම්පදාව ලබනවිට එය අවශ්‍යයි. විදේශ අධ්‍යාපනය සඳහා විදෙස් ගතවීම්වලදී ඒ අයගේ ගිහි නාමය, පැවිදි වූ දිනය, උපන් දිනය ආදි විස්තර අවශ්‍ය වෙනවා. මොකද හැඳුනුම්පතේ තිබෙන්නේ ගිහි නමයි.
එහිදී ඒ බව සනාථ කිරීමට භික්ෂු ලියාපදිංචි සහතිකය අවශ්‍යයි. ගත වූ කාලයේ පැවිදිව ගුරු වෘත්තියේ යෙදුණු බොහෝ දෙනෙකු පසුව උපැවිදි වුණා. එතැනදී විශ්‍රාම වැටුප ලබාගැනීමේදී පවා ඔවුන් දැඩි අපහසුතාවකට පත් වුණා. මොකද ඒ කාලයේ මෙම ලියාපදිංචිය ගැන එතරම් තැකීමක් කර නොතිබුණු නිසයි. අපි ඒ සැබෑව දැන සිටියත් නීතිමය පැත්තෙන් අපටද යම් අපහසුතාවන් පවතින විට කිරීමට දෙයක් නොමැති වෙනවා.
අෙනක් අතට පැවිදි වූ ස්ථානය කොතැන වුවද පැවිදි බව දැරීම තුළ ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය කරුණක්. යමෙකු එසේ ලියාපදිංචිය ලබාගෙන නැතිනම් තවත් අතකින් එය බෞද්ධයන්ටත්, බෞද්ධාගමටත් යම් හානිකර තත්ත්වයන් ඇති කිරීමටද අනුබලයක් වෙනවා.
අනෙක් අතට මෙය භික්ෂූන් වහන්සේ නමකට බලපාන නීතියක් පමණක් නෙවෙයි. එය රටේ නීතියට අනුගත වීමක්ද වෙනවා.
යම් භික්ෂූන් වහන්සේ නමක් විනය විරෝධී ක්‍රියාවක් කළ පසු පහසුවෙන් එම ලියාපදිංචිය යටතේ කටයුතු කිරීමට හැකියාව තිබෙනවා. අනෙක විහාරාධිපතීත්වය ප්රදානයේදී සුදුසුකම් පරීක්ෂා කිරීමටද මෙය අදාළ වෙනවා.
යම් භික්ෂුවක් බෞද්ධකමට අවමන් සහගත ආකාරයෙන් හැසිරෙන්නේ නම් නායක හාමුදුරුවන්ට එම භික්ෂුන් වහන්සේ වෙත බලපෑම් කිරීමේ හැකියාවද මෙහිදී ලැබෙනවා.
වෙනත් නායක ගුරු හාමුදුරු නමක් යටතේ පැවිද්ද ලබා වෙනත් තැනක ශිෂ්‍යභාවයට පත්වීමේදී මුල් ගුරුවරයාගේ ලිපිය අවලංගු කළ යුතුයි. එහිදී නැවත ලියාපදිංචියක අවශ්‍යතාව මතු වෙනවා.
පැවිදි වී මාස හයක් තුළ මෙම ලියාපදිංචිය ලබාගත යුතුයි. එය ගුරු හාමුදුරුවන්ට කළ හැකියි. නමුත් මාස හයක් ගතවීද ලියාපදිංචි වී නැතිනම් එතෙනදී තමන්ගේ ගුරු හාමුදුරුවන් ඒ කියන්නේ අදාළ නායක හාමුදුරුවන්ගෙන් ඒ පැවිදි බව සනාථ කරන ලියකියවිලි රැගෙන නිකායේ මූලස්ථානයට පැමිණ එම නිර්දේශය යටතේ ලියාපදිංචිය ලබාගත හැකියි.
භික්ෂුවක් එසේ ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගෙන නැතිනම් එම භික්ෂුවගේ නායක හාමුදුරුවන්ද දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර තිබෙනවා. මේ පිළිබඳ අදාළ අණපනත් විහාර දේවාලගම් පනත යටතේ කියැවෙනවා.
හැඳුනුම්පත නිකුත් කළ සහ නිර්දේශ කළ ආයතනවලට ඒ අයිතිය තිබෙනවා. ඒ වගේම යම් සැක කටයුතු අවස්ථාවකදී අදාළ අනන්‍යතාව සනාථ කර ගැනීම වෙනුවෙන් හැඳුනුම්පත ඉදිරිපත් කරන්න යැයි කීවහොත් එය ඉදිරිපත් කිරීමට එම හැඳුනුම්පත්ලාභියා බැඳී සිටිනවා. නමුත් කොයි දේ වුණත් සිදුවිය යුතු ගෞරවාන්විත ක්‍රමයක් තිබෙන බව අප අමතක නොකළ යුතුයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd