saravita-anim2

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2024 අප්‍රේල් මස 24 වන බදාදා

Opinion - timelapse 2238 hours ago

LATEST

ලංකාවම බිලිගත් Onmaxdt නමැති තවත් පිරමීඩ ජාවාරමක්

calendar_today 2022 නොවැ 28 - 09:22 remove_red_eye - 19511  

(LONG READS) “කොහොම හරි මාස හයක් යනකම් තමයි බය. ඊට පස්සෙ අපි දාපු මුදල ලැබෙනවා. නමුත් තවත් කීපදෙනෙකු මේකට සෙට් කළොත්, මාස දෙකෙන් ගොඩයන්න පුළුවන්. කොයි වෙලාවේ මේක නවතියිද දන්නෙ නැති නිසා කොහොම හරි තවත් කීපදෙනෙක් වැඩේට සෙට් කරලා මම දාපු මුදල හා ලාභය ගන්න තමයි ඕන. මේකට සල්ලි දාන හැමෝම කරන්නේ ඕක තමයි”

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මෙම මස 06වැනිදා සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට පත්වූයේ, එරට කාන්තාවක් ඔහුට විරුද්ධව කළ පැමිණිල්ලකට අනුවයි. ඒ ඇයගේ කැමැත්තෙන් තොරව ලිංගික ක්‍රියාකාරකම් සිදුකිරීම සම්බන්ධයෙන් ගුණතිලකට එරෙහිව චෝදනා 04ක් එල්ල කිරීමත් සමගිනි.

Read More

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වන ඉන්දියාවේ පළමු ඡන්ද දායකයා ලෙස සැලකෙන ශ්‍යාම් සාරාන් නෙගි පසුගියදා සිය දිවි ගමන නිමා කළ බව එරට බලධාරීන් පවසයි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 106ක් ලෙස සටහන්ව තිබේ.

Read More

කළු සල්ලි’ යන මාතෘකාව දශක කිහිපයක පටන්ම නිරන්තරයෙන් ඇසෙන වචනයකි. අනීතික ක්‍රියාමාර්ග හරහා උපයන මුදල් කළු සල්ලි ලෙස සරල අර්ථකථනයක් දිය හැක. කළු සල්ලි හේතුවෙන් රටක ආර්ථිකයට වාර්ෂිකව අහිමිව යන මුදල ඉතා විශාලය. කළු සල්ලි රටක ආර්ථිකයක් කඩා වැටීමට විශාල බලපෑමක් එල්ල කරයි. මේ අර්ථයෙන් ගත් කල බොහෝදෙනාගේ අදහස වනුයේ කළු සල්ලි ඇත්තේ අප වැනි දුප්පත් රටවල පමණක් බවය. මෑත කාලයේදී කළු සල්ලි පිළිබඳව නැවත කතාබහට ලක් වූ සිදුවීම් කිහිපයක්ද වාර්තා විය. කෙසේ නමුත් කළු

Read More

වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ඔක්තෝම්බර් මාසය සඳහා වන තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ. ඒ අනුව වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය ගැන ජනතා අනුමැතිය තිබෙන්නේ 10%ක මට්ටමකය. මෙය 2022 ජනවාරි මාසයේ පැවති අතිශය පහළ මට්ටමට සමානවන නමුත්, එය 2022 ජූනි මාසයේ 3% ජනතා අනුමැතියට වඩා වැඩි අගයකි.

Read More

ලොව දුප්පත් රටවල වෙසෙන දරුවන්ට වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත්වීමේ අවස්ථාව ලබාදීම වෙනුවෙන් දැනට වසර කිහිපයකට පෙර නිර්මාණය කෙරුණු පාවහන් යුගලය මේ වනවිට ඉතාමත් සාර්ථක ලෙස ලොව පුරා එවැනි දරුවන්ගේ පාවහන් අවශ්‍යතාව සපුරමින් සිටින බව වාර්තා සඳහන් කරයි.

Read More

මගේ පොත් ටික ගිනි තැබුව නිසා පොත් කියවන්න බැහැනේ, ජූනි 09 වනදා සිට මම බලන්නේ රට වෙනුවෙන් වු චිත්‍රපටියක්, කොටස් ගණනාවක් තිබෙනවා. එහි පළමු කොටසවත් තවම අවසන් වී නැහැ.

Read More

වවුලන් යනු මිනිසාට මාරාන්තික ලෙඩ රෝග බෝ කරන සතෙකු යැයි මිනිසුන් අතර මතයක් පැතිරෙමින් පවතී. සතුන් මඟින් මිනිසාට බෝ වෙන මාරාන්තික රෝගවල සම්පූර්ණ වගකීම වවුලන් වෙත පැටවීමට මිනිසා සතුව සත්‍ය ලෙසම සාක්ෂි පවතින්නේද යන්න ගැටලුවකි. ලොව පුරා සිදුකරන ලද වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මඟින් විවිධ කුල 27කට අයත් වෛරස් වර්ග 200කට වැඩි ප්‍රමාණයක් වවුලන් තුළින් සොයාගෙන ඇත.

Read More

ඉන්ධ මිල ඉහළ යන අවස්ථාවල ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ ගාස්තු ඉහළ දැමීම මෙරට තුළ ක්‍රියාත්මක වන ප්‍රවාහන සංගම් නිරතුරුවම සිදුකරන ක්‍රියාවකි. මීට අමතරව තිරිඟු පිටි මිල ඉහළ යන විට බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීම හා ගෑස් මිල ඉහළ යන විට හෝටල් හා ආපන ශාලවලින් අලෙවි කරන ආහාර ද්‍රව්‍ය මිල ඉහළ දැමීමත් සිදුකරනු ලබයි. එහෙත් රජය විසින් ඉන්ධන මිල පහළ දමන අවස්ථාවලදී බස් ගාස්තු, ත්‍රිරෝද රථ සඳහා අයකරන ගාස්තු, ලොරි රථ සඳහා අයකරන ගාස්තු අඩු කිරීමට, මෙරටේ ප්‍රවාහන ක්ෂේත

Read More

අංගම්පොර සටන් කලාව යනු පුරාණයේ මෙරට පාලනය කළ යක්ක වංශිකයන් විසින් නිර්මාණයකළේ යැයි සැලකෙන සටන් කලාවකි. වසර 5000ක් පමණ පැරණි ඉතිහාසයක් ඇතිමෙම සටන් කලාවේ ස්වර්ණමය යුගය රාවණා රජතුමන් මෙරට පාලනය කළ අවධියේ පැවති බවටඉතිහාසයේ සඳහන්ව ඇත.

Read More

මෙරට පවතින වත්මන් ආර්ථිකඅර්බුදයත්සමග රැකියා වෙළෙඳ පොළෙහි ඇති වී තිබෙන්නේ අවිනිශ්චිත ස්වභාවයකි. බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ආයතන වැසීයාම හේතුවෙන් රැකියා අහිමිව ඇති පිරිස හා අහිමි වන පිරිස දිනෙන් දින වැඩිවේ. මෙලෙස සෑම ක්ෂේත්‍රයක්ම අර්බුදයට පත්ව ඇති ආකාරයක් පෙනී යයි.

Read More

බ්‍රිතාන්‍යයේ පර්යේෂකයන් පිරිසක් විසින් නිර්මාණය කර ඇති Ai-Da රොබෝව හෙට (11දා) එරට පාර්ලිමේන්තුවේ House of Lords හෙවත් සාමි මන්ත්‍රණ මණ්ඩලය ඇමතීමට සූදානමින් සිටින බව එරට මාධ්‍ය පවසයි. එරට ඉතිහාසය තුළ සාමි මන්ත්‍රණ මණ්ඩලය අමතන පළමු වැනි රොබෝව වන්නේද මෙම Ai-Da රොබෝවයි.

Read More

රජය මඟින් දියත් කර ඇති වගා සංග්‍රාමයට සමගාමීව ආදර්ශමත් බෝග වගාවක් ආරම්භ කළ තරුණයකුට එයට දිරි දීම වෙනුවට ඔහු නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරන රජයේ ම ආයතනයක් පිළිබඳ බණ්ඩාරමින් වාර්තා වේ.

Read More

පසුගිය ඔක්තෝම්බර් 01වැනිදා ලෝක ළමා දිනය අති උත්කර්ෂවත් ලෙස සැමරුවත් මෙරට දරුවන් වෙනුවෙන් අසන්නට, දකින්නට ලැබෙන ශෝචනීය පුවත්වල අඩුවක් නැත. තරගකාරී ලොව තුළ එහා මෙහා දුවන දෙමාපියන් වෙනුවෙන් මේ කතාබහ පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ ඇමෙරිකාවේ පේරු විශ්ව විද්‍යාලයේ ගෞරව උපාධියක් හැදෑරූ පුෂ්පා අලුත්ගමගේ මහත්මිය සමගිනි.

Read More

ඉකුත් අප්‍රේල් 09 වැනිදා රට වටින් දහස් සංඛ්‍යාත ජනීජනයා ⁣ගාලුමුවදොරට පැමිණියේ යම්කිසි සංවිධානයක මෙහෙයවීමෙන් නොවේ. නොඑසේ නම් සංවිධානගත වීද නොවේ. එදින එහි පැමිණි සාතිශය බහුතරය එතැනට පැමිණියේ තනි තනි පුද්ගලයන් වශයෙනි. හුදෙක්ම හුදෙකලා පුරවැසියන් ලෙසිනි.

Read More

ලොව ජනප්‍රිය විදුලි මෝටර් රථ මාදිලියක් වන Tesla හි නිර්මාතෘවරයා වන සුප්‍රසිද්ධ ව්‍යවාසයක එලෝන් මස්ක් පසුගියදා සිය නවතම ඉදිරිපත් කිරීම ලෙස Optimus නමින් මානවරූපී රොබෝවක මූලාකෘත්‍රියක් හඳුන්වාදුන් බව විදෙස් මාධ්‍ය පවසයි. එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි පාලෝ ඇල්ටෝහිදී පැවැති Tesla AI Day 2022 අවස්ථාවේදී මෙම නවතම හඳුන්වාදීම සිදුව තිබේ.

Read More

මැදපෙරදිග කලාපය තුළ වගා කෙරුණත් රටඉඳි යනු ලොව පුරා කා අතරත් ජනප්‍රිය රසවත් ආහාරයකි. එහි ඇති පෝෂණීය ගුණයද මේ ජනප්‍රියත්වයට හේතු වී තිබේ. සෞදි අරාබිය යනු රටඉඳි නිෂ්පාදනය සහ අපනයනය අතින් ලොව පළමු වැනි තැනක් හිමිවන රටකි. රියාද් අගනුවරින් සැතපුම් 220ක් ඈතින් පිහිටි බුරායිදාහ් ප්‍රදේශය එරට රටඉඳි කර්මාන්තයේ හදවත ලෙසින්ද සැලකෙයි.

Read More

“මං කලින් කොන්දොස්තර රැකියාව තමයි කළේ. කෝවිඩ් සහ ඉන්ධන හිඟය නිසා රැකියාව අහිමි වුණා. දැන් පොල් ගස් නගිනවා. කරන්න දෙයක් නැති නිසා අමාරුවෙන් පොල් ගස් දහයක් නැග ගන්න පුළුවන්. පාසල් යන දරුවන් හතර දෙනාට කන්න දෙන්නයි, පාසල් කටයුතුවලට වියදම් කරන්නයි ඒ ආදායම මදි. එහෙම කියලා හොරකම් කරන්නයි, මත්ද්‍රව්‍ය විකුණන්නයි බැහැනේ. දරුවන් ටික යහමගට ගන්න උපකාර කරන්න කියලයි ඉල්ලන්නේ. මෙලෙස පවසා සිටියේ රත්නපුර, ගොඩකවෙල, අල්පිටිය ගම්මානයේ පදිංචි 38 හැවිරිදි සිව්දරු ප

Read More

ප්‍රධාන වශයෙන්ම රටේ පවතින ආර්ථික හා දේශපාලන තත්ත්වයන් සමග මෙරට සිටින බොහෝ පිරිසක් රට හැරදා විදේශගත වීමට පෙළෙඹෙන ආකාරයක් දක්නට ලැබේ. මෙලෙස විදේශගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධනය මෙන්ම විදේශ රැකියා වෙළෙඳ පොළ ප්‍රවර්ධනය සම්බන්ධයෙන් රාජ්‍ය මට්ටමින් ගෙන ඇත්තේ කවරාකාර පිළිවෙත්ද යන්න සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනතාව දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය දිනකදී සිදුකෙරිණ. එහිදී පළ කළ කරුණු ඇසුරින් මෙම ලිපිය සැකසේ.

Read More

සැප්තැම්බර් මාසය කියන්නේ සාහිත්‍ය මාසය. සාහිත්‍ය මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලේඛක, පාඨක සියල්ලන්ගේම අවධානය යොමු වූවකි.

Read More

ශ්‍රී ලංකාව තුළ ළමයෙකු විය යුතු තැනැත්තෙකුගේ වයස අවුරුදු දහසයේ සිට දහඅට දක්වා ඉහළ නැංවිය යුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති යෝජනා වල සඳහන් වේ.

Read More

මිනිසාගේ ප්‍රෝටීන අවශ්‍යතාවය වෙනුවෙන් ඉතාම සුලභව බාවිතයට ගැනෙන මාළු සහ බිත්තර තෝරා ගන්නා විට ඒවා ආහාරයට සුදුසුද නැතිද යන්න හඳනාගන්නට ඔබ දැනුවත්වී සිටීද ?

Read More

ලංකාවේ ප්‍රථම වරට රජයේ ලියාපදිංචි කළ පුවත්පත වන “ලක්මිණි පහන” පුවත්පත අරඹා වසර 160ක් සම්පූර්ණවීම මෙම සැප්තැම්බර් 11 වෙනි දිනට යෙදේ.

Read More

සත්ව ආහාර නැති නම් මස් මාංශ සහ බිත්තර කරවල යනාදිය නැතිව අපේ ආහාර වේල සකසා ගත නොහැකිද? බොහෝ විට එවන් ආහාර ,අත්‍යාවශ්‍ය ආහාර නැතිනම් නොගෙනම බැරි ආහාර නොවේ. ඒවායින් ගන්නා පෝෂණය සතුන්ගෙන් නොව අනෙකුත් ආහාර වලින් ලබා ගත හැකි අතරම ඒ ආහාර හිතාමතා නොසලකා හැර අපි අතරින් බොහෝ දෙනෙකු සත්ව ආහාරවලට යොමු වී ඇත. කොළ කැඳ වීදුරුවක් බොන්නට ඔබ උදෑසන හුරු වුවහොත් ඔබට කිරි පිටි හෝ කිරි අවශ්‍ය නොවනු ඇත.

Read More

කොතරම් දත් මැද මුඛ සෞඛ්‍ය පිරිසුදුව පවත්වා ගත්තත් වේදනා ගෙනදෙන කුඩා බිබිලි මතුවීම නැතිනම් ගම් බොයිල්ස් මතුවීම ඔබත් කවදාක හෝ අත්විඳ ඇති තත්ත්වයක් වෙන්නට පුළුවන්. මේවා මතුවෙන්නේ විදුරුමහේ දුර්වලකම නිසාද එහෙමත් නැතිනම් කිසියම් විෂ බීජයක් ඇතුළුවීම නිසාද කියන ප්‍රශ්නයෙන් හෙම්බත්වන බොහෝ දෙනෙක් කරන්නේ විවිධ අත්බෙහෙත් කරන්නට ඉදිරිපත්වීමයි. නමුත් මේ බිබිලි ඇතිවන්නට තවමත් නිශ්චිත හේතුවක් වෛද්‍ය විද්‍යාවෙන් සොයාගෙන නැති බවයි ඇත්ත.

Read More

කෝවිඩ් වෛරසය ව්‍යාප්තවීම නිසා ලොව රටවල් 106ක පමණ විවිධ ක්ෂේත්‍රයන්ට ඍජුව හා වක්‍රව බලපෑම් එල්ල කරන ලදී. එහිදී ඍජුව බලපෑම් එල්ල කෙරුණු එක් ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය පෙන්වාදීමට හැකිය.

Read More

“ණය පියවීම” යන්නෙන් පෙර අවස්ථාවන්හිදී ලබා ගත් ණය සඳහා පොලී ගෙවීම් සිදු කිරීම අදහස් කරන බව අප විසින් මෙහිදී අර්ථකථනය කර ඇත. මේ අනුව බලන කල, එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විසින් සඳහන් කරනු ලබන කරුණ වන්නේ, යහපාලන රජය කාලය තුළ (2015-2019) රජයේ ණය පොතට ඇතුළත් කරන ලද ණයවලින් අඩු තරමින් 80% වන මුදලක් ඊට පෙර එකතු වී තිබූ ණය මුදල් වෙනුවෙන් පොලිය ගෙවීම සඳහා යොදා ගත් බව යි.

Read More

ආහාරයක් පිසූ පසු නොව ආහාරයක රෝගකාරක විෂ බීජ වැඩීමකින් තොරව පවත්වා නොගත හොත් එම ආහාරය පරිභෝජනයට සුදුස යැයි නිර්දේශ කළ නොහැකිය.

Read More

(LONG READS)බොරළුගොඩ සිංහයා යන විරුදාවලිය ලැබූ, පිලිප් ගුණවර්ධනයන් සහ වමේ රතු කුසුම ලෙස හඳුන්වන කුසුමා ගුණවර්ධනයන්, අභිනව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ මා-පිය දෙපළය. 1949 මාර්තු 02 වනදා උපන්, දිනේෂ් ගුණවර්ධනයන්, පිලිප් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසු, 1973 සිට මහජන එක්සත් පෙරමුණේ නායකයාය ලෙස කටයුතු කරමින් සිටී. ලොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයකට වැඩි ම කාලයක් නායකත්වය දෙන, ජීවතුන් අතර සිටින නායකයාද ඔහුය.

Read More

FACT CHECK - පසුගිය මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වියදම් වූ බවත්, මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීම සඳහා රුපියල් බිලියන 20ක් වැය වන බවත් අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදි. කෙසේ වෙතත්, මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2022 කාර්ය සාධන වාර්තාව පෙන්වා දෙන අයුරින් 2020 අගෝස්තු 5 වන දින පැවති මහ මැතිවරණය සඳහා වියදම් වූ මුළු මුදල රුපියල් බිලියන 5.7 ක් වන අතර එය අග්‍රාමාත්‍යවරයා විසින් සඳහන් කරන ලද මුදලින් අඩක් පමණ වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.