මෑණියෝ වෙනයි මම වෙණයි - ඥානක්කා කථා කරයි
තම දහඩිය, වෙහෙස සහ කඳුළු හරහා ගොඩනඟා ගත් සියල්ල පසුගිය 09දා මැර කල්ලි විසින් විනාශ කර ඇති බව අනුරාධපුරයේ ඥානා මෑණියන් ලෙස ප්‍රකට ඥානවතී ජයසූරිය මහත්මිය පවසයි. සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ නායකයන්ට විශේෂයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මන්ත්‍ර ගුරුකම් භාවිත කරමින් මඟ පෙන්වීමට උත්සාහ කළ බවට වන වාර්තා ඇය ප්‍රතික්ෂේප කරයි. “මම බුදුන්ව වදින්නේ, ආගම දහමට ලැසියි” ඇය පවසයි. දේශපාලන හෝ හමුදා අනුග්‍රහයෙන් තමාට ප්රතිලාභ ලැබ නොමැති බවත් "මම රැවටීම සහ උපක්‍රම (කපටි වැඩ) වල යෙදෙන්නේ නෑ" යනුවෙන්ද පවසා තිබේ.
පැල්පතකසිට පුද බිමට නුදුරින් පිහිටි ඇගේ දෙමහල් කාමර පහකින් යුත් නිවස දක්වා, තම දරුවන්ට අධ්‍යාපනය ලබා දීම දක්වා, තමන් ගොඩනැගුනේ තම ධෛර්යය මත බව ඇය පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට පාලනය කිරීම සම්බන්ධයෙන් ඇය විසින් උපදෙස් ලබා දෙන බවට ජනතාව නගන චෝදනා පිළිබඳ විමසා ඇති විට ඇය පවසා ඇත්තේ තමා කිසිදු දේශපාලන ප්‍රශ්නයක් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා නොකරන බවයි.
"මෑණියෝ වෙනයි, මම වෙනයි" ඇය පවසයි. චෛතසික බලය ඇති තැනැත්තා මැණියෝ වන නමුත් ඒ දෙදෙනාම එකම පුද්ගලෙයක් වුවත් මෑණියන්ට වඩා තමා වෙනස් බව ඇය සඳහන් කර තිබේ.
ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මීට වසර 12-13 කට පමණ පෙර සිට පුදබිම නැරඹීමට පැමිණ ඇති බවත් ඇය පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද දෙවතාවක් පමණ පැමිණ ඇතැයි ඇය පෙන්වා දෙයි. වත්මන් ජනාධිපතිවරයා සතිපතා පැමිණෙන බවට වන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ඇය පවසන්නේ ජනපතිවරයා මාස කිහිපයකින් පැමිණ නොමැති බවයි.
ප්‍රභූවරුන් ඇයගෙන් කාර්යයන් ඉටු කර ගැනීම සඳහා හෙලිකොප්ටරයකින් රැගෙන යන බවට එල්ල වන චෝදනා ඇය ප්‍රතික්ෂේප කරයි. එසේම කොළඹ ගෝල් ෆේස් පිටියේ අරගලයක නිරත පිරිස් වෙත මතුරන ලද ජලය ලබාදුන් බවට වන චෝදනාද ඇය ප්රතික්ෂ්ප කරයි. "මම ඒ දේවල් කරන වර්ගයක් කෙනෙක් නෙවෙයි" ඇය අවධාරනය කරයි.
සම්පූර්ණ ලිපිය කියවන්න - https://www.sundaytimes.lk/220522/news/i-have-not-benefitted-from-political-connections-483472.html

popular news
-
Don Sunday, 22 May 2022 04:14 PM
The same theory could be applied to those who attacked the people and burned the houses, as they were somebody else. Even GOTA would apply the same as it is somebody else is responsibe for the grave crisis.
Reply : 0 52
Chamari berry Friday, 27 May 2022 11:01 AM
Thank you Mr President Joe Biden giving you a hand to help our country Sri Lanka I'm for USA God bless America
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

