අසාමාන්‍ය ලෙස එකට බද්ධ වී උපත ලද වසු පැටවුන් දෙදෙනෙක් උපතේදිම මිය ගොස් ඇති බව මස්කෙලිය පශු වෛද්‍ය කාර්යයාලය කියයි.
මස්කෙලිය පොලිස් වසමට අයත් මොකා වතු යායේ වතු කම්කරුවෙකුගේ සත්ත්ව ගොවිපලක ඊයේ (16දා) අලුයම මෙම අසාමාන්‍යය වසු පැටවුන් දෙදෙනා උපත ලබා ඇත.
මෙම වසු පැටවුන් දෙදෙනා සමෙන් එකට ඇලි තිබු අතර හිස් දෙකක් , පාද 8 ක් , වල්ග 2ක්,වශයෙන් උපතේදි තිබි ඇති අතර එම වසු පැටවුන් දෙදෙනා මස්කෙලිය පශු වෛද්‍යය කාර්යයාලයේ නිලධාරින් සහ සේවකයන් විසින් දැඩි පරිශ්‍රමයක් දාරා වැස්සියගේ උදරයේ සිට ඉවතට ගෙන ඇත.
මෙම අසාමාන්‍යය වසු පැටවුන් දෙදෙනා බිහිවිමෙන් අනතුරුව වැස්සියද මිය ගිය බව පශු වෛද්‍ය කාර්යයාලයේ නිලධාරින් වැඩි දුරටත් පැවැසීය.