සයිටම් විරෝධී පාගමනේදී ශිෂ්යයන් කිහිපදෙනෙක් තුවාල ලබති
- 25 01 2018
- 19:15
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
සයිටම් විරෝධී පාගමනට එල්ල කළ ජල ප්රහාර හා කඳුළු ගෑස් ප්රහාර නිසා ශිෂ්ය ශිෂ්යාවන් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර සිටින බව අන්තර් විශ්වවිද්යාලයීය ශිෂය බල මණ්ඩලය සඳහන් කරයි.
ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ සිට අරලියගහ මන්දිරය දක්වා පාගමනින් ගොස් විරෝධතා රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබුණද කොල්ලුපිටිය මංසන්ධියේදී මාර්ග බාධක යොදා පෙළපාළිය නවතා දැමීමට පොලීසිය කටයුතු කළේය.
එහෙත් පෙළපාළියේ පැමිණි පිරිස් පා ගමනින් ඉදිරියට යාමට උත්සාහ කළ අතර, එහිදී පොලීසිය විසින් ජල ප්රහාර හා කඳුළු ගෑස් ප්රහාර එල්ල කිරීමට කටයුතු කළේය.
ජල ප්රහාර හා කඳුළු ගෑස් ප්රහාරවලින් පිරිස විසුරුවා හැරීමට නොහැකිවූ අතර, පසුව විරෝධතාකරුවන් කොල්ලුපිටිය මංසන්ධියේදී විරෝධතා රැලිය පැවැත්වීමට කටයුතු කරනු ලැබිණි.
ඡායාරූප - ක්රිෂාන් රණසිංහ / ඒශාන් ප්රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.



















