පුත්තලම - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ එක් පසෙක සැතපුම් තුනකට ආසන්න දුර ප්‍රමාණක පැළ දහසක් රෝපණය කිරීම පසුගියදා සිදුකෙරිණි.
කොට්ටුකච්චිය ග්‍රාමීය රෝහලේ සේවය කළ වෛද්‍ය අරුණ චමින්ද කැකුල්තොටුව මහතාගේ මගපෙන්වීම හා මැදිහත්වීමෙන් ආණමඩුව ප්‍රාදේශීය ලේකම් ටී.එම්.ජේ.ඩබ්ලිව්. තෙන්නනකොන් මහතාගේ සහභාගිත්වයෙන් මෙම පැළ දහස රෝපණය කෙරිණි.
මේ සඳහා අවශ්‍ය පැළ දහස ලබාදීමට ආණමඩුව අඩවි වන කාර්යාලය කටයුතු කර තිබිණි.
ආණමඩුව ප්‍රාදේශීය සභාව, කොට්ටුකච්චිය ගම්වාසීන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ සිවිල් ආරක්ෂක කණ්ඩායම් මෙම පැළ සිටුවීමේ කටයුත්තට දායකත්වයක් ලබාදුන්හ.
වෛද්‍ය අරුණ චමින්ද කැකුල්තොටුව මහතා කොට්ටුකච්චිය ග්‍රාමීය රෝහලේ සේවය කරන සමයේ පුත්තලම කුරුණෑගල මාර්ගයේ මැල්ලන්කුලම මංසන්දියේ සිට සැතපුම් දෙකකට වැඩිදුරක් කුඹුක් පැළ සිටුවා තිබිණි.