ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරු වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර හෙරොයින් ජාවාරමෙන් මාස 6කින් රුපියල් කෝටි 17කට අධික මුදලක් සොයාගත් බවට සඳහන් නඩුව එළැඹෙන 24දා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය අද තීරණය කළාය.
වෙළේ සුදා අද (19දා) කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර එහිදී ඔහුට එරෙහිව පවතින අධිචෝදනා පත්‍රයද භාරදුන්නේය.
එසේම ඔහු තවදුරටත් රහස් පොලීසියේ තබාගෙන ප්‍රශ්න කිරීමටද මහාධිකරණ විනිසුරුවරිය අවසර දුන්නේය.