මහියංගන බදුල්ල ප්රධාන මාර්ගයේ මාපාකඩ ප්රදේශයේදී වියානා ඇළේ පැති බැම්මෙන් පෙරළී ගොස් මහවැලි මහ ඇළට වැටී තිබූ මෝටර් රථයක් අද (26දා) උදෑසන පොලීසිය හා ප්රදේශවාසීන් එක්ව ගොඩගත් බව මහියංගණ පොලීසිය පවසයි.
අනතුරටපත් මෝටර් රථය ගොඩ ගනු ලැබූවද එහි ගමන්ගත් පුද්ගලයන්ට සිදුවූයේ කුමක්දැයි යන්න අද උදෑසන වන විටත් අණාවරණය වී නොතිබිණි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ හිඟුරක්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකුට අයත් මෝටර් රථයකි. සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මෙම මෝටර් රථය අනතුරට ලක් වූ ස්ථානයේදීම මීට මාස කිහිපයකට ඉහතදීද මෝටර් රථ දෙකක් හා ත්රීවීල් රථයක් අනතුරට ලක්වීමෙන් හය දෙනෙකුට දිවි අහිමි විය.
නිශාන්ත මීගහකිවුල/රංජිත් කරුණාවීර