වික්‍රමාදිත්‍ය බලන්න ජනපති යයි
- 23 01 2016
- 20:51
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් විශාලතම යුද නෞකාවක් වන 'වික්‍රමාදිත්‍ය' නැව නැරඹීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මා අද (23දා) පෙරවරුවේ එක්වූ බව ජනපති මාධ්‍ය අංශය කියයි.
'' හිරුමෙන් ශක්තිමත්'', යන තේරුම ඇති වික්‍රමාදිත්‍ය නෞකාව දිගින් මීටර් 284 ක් වන අතර, පළලින් මීටර් 60 කි. වරකට ප්‍රහාරක ගුවන් යානා 36 ක් ප්‍රවාහනය කළ හැකි අතර 1700 ක කාර්ය මණ්ඩලයකින් යුත් මෙම නැව මහල් 22 කින් සමන්විතය.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පවතින සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පැමිණි වික්‍රමාදිත්‍ය නෞකාව භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියා වන්නේ රියර් අද්මිරාල් රවිනීට් සිං මහතායි. නෞකාවේ අණ දෙන නිලධාරි ක්‍රිෂ්ණා ස්වාමිනාදන් මහතායි.
නෞකාව වෙත පැමිණි ජනාධිපතිවරයා ඉන්දීය හමුදාවේ උත්තමාචාරය පිළිගන්වමින් පිළිගැනීම සිදු වූ අතර සමරු තිළිණ ද ප්රදානය කෙරිණි.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
